saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8276 hours ago

LATEST

ෆවුසිට බයිඩන්ගේ කොවිඩ් කණ්ඩායමට ආරාධනයක්

calendar_today 2020 දෙසැ 04 - 08:05 remove_red_eye - 717  

’’ඒ වගේම මා වෙනුවෙන් ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කරන ලෙසත්, කොවිඩ්-19 මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසත් මා ඔහුගෙන් ඉල්ලා සිටියා.’’ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේය.

සාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග් -5 හි ඇසෙන්ඩර් යානය චන්ද්‍ර පෘෂ්ඨයෙන් ඉවත් වූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ඇති රිටර්නර් යානය හෙවත් නැවත පෘථිවිය බලා පැමිණෙන යානය සමග සම්බන්ධ වීම පෙර නොවූවිරූ ජයග්‍රහණයක් බව කියැවෙයි.

Read More

’’එය නිසැකවම මට මතක් කර දී ඇත්තේ, එය අප සැමට මතක් කර දී ඇත්තේ, මිනිසුන් වශයෙන් පමණක් නොවෙයි, සොබාදහම තුළින්ද අප සියල්ලන්ම කොතරම් අන්තර් සම්බන්ධිතද යන්නයි. අප ඇයගෙන් බොහෝ දේ ලබා ගන්නවා, නමුත් අප බොහෝ දේ ආපසු ලබා දෙන්නේ කලාතුරකින්.’’

Read More

කොවිඩ්-19 මරණ 2,800කට වඩා බදාදා දිනයේ ඇමෙරිකාව වාර්තා කර ඇති අතර, ඇමෙරිකාව තුළ දෛනිකව සාමාන්‍යයෙන් 1,603ක් කොවිඩ්-19 නිසා මිය යන බව ගණන් බලා තිබේ. මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අමතක කර, ආර්ථික කෝණයෙන් පමණක් රට දෙස බලමින් ජනපති ට්‍රම්ප් වැපිරූ බීජයන්ගේ ප්‍රතිඵල මේවාය.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 7ක් වාර්තා වීමට දින 248ක් ගතවූ අතර, දෙවැනි ආසාදන මිලියන 7 වෙත ළඟාවීමට ගත වූයේ දින 69ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

පෑලියගොඩ හා මිනුවන්ගො කොවිඩ් 19 පොකුරු හා සම්බන්ධ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 627ක් වාර්තා වීමත් සමගිනි.

Read More

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

බේරුවල ප්‍රාදේශීය සභාවේ තවත් මන්ත්‍රීවරයකු ඇතුළු දර්ගානගරය පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (03) පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 506 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 350ක් වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි

Read More

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවත් එම හේතුවෙන් සුළිකුණාටුවෙන් ගොඩබිමට සිදුවිය හැකි බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී හා වන සං‍රක්ෂණ අංශයන්ට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (03) නියෝග කළේය.

Read More

සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවර ගත්තේය.

Read More

රජයේ ආයතනවලට නව රථ වාහන මිලදී ගැනීම් සිදු නොකර, තිබෙන සම්පත් යළි ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙල යටතේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කර ඇති රථ වාහන පිළිබඳ නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයාගේ උපදේශක සඳක ගුණසේකර මහතාට සහ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතාට උපදෙස් දී තිබේ.

Read More

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් ඊයේ ( 2 ) පි සි ආර් පරීක්ෂණයට යොමු කළ බව පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මුරමුදලි මහතා පැවසීය.

Read More

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3,575 කට අයත් පුද්ගලයන් 12,252 ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සදහන් කර සිටියේය.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26කගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ 2 වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 728 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නීතිඥ කුෂානි රෝහණධිර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

Read More

බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් ඊයේ 02 සිට මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කියයි.

Read More

ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින් අද (03දා) දින උදෑසන විරෝධතාවක් පළ කර තිබේ.

Read More

ඌව පළාතට මේ දිනවල සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල - බිබිල A 5 මාර්ගයට ගල් හා පස් කදුකඩා වැටී නිතර අවහිර වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකු වූ ගොපිනාදන් නොහොත් ගෝපිගේ මව යැයි සැකකෙරෙන කානත්වකට ලබා දීම සඳහා ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී සැකපිට ඊයේ (02) සවස දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.