saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7898 hours ago

LATEST

රජය කෝවිඩ් ගැන නොසිතා 20 පසුපස දුවනවා - සජිත්

calendar_today 2020 ඔක් 18 - 21:35 remove_red_eye - 295  

අප විපක්ෂයක් වශයෙන් ජනතාව ගැන සිතලා සහන ලබාදීමට රජයට යෝජනා ඉදිරිපත් කරනු ලබනවා. ඒත් මේ වන විට රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය වාසියට යටත්වෙලා ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැහැ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පරිසර පනත සංශෝධනය මගින් පරිසරයට හානි කරන්නහට ලබා දෙන දඬුවම් දහ ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .

Read More

අද දින18 මතුගමින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 17 දෙනා අතර, සිටි මතුගම බදුගම ප්‍රධාන විහාරස්ථානයක සාමණේර හිමිනමක් පසුගිය 13 දින සිට දාහතර දින දක්වා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනෙහි වැඩ වාසයකර සිටීම නිසා අද දින සිට එම පිරිවෙන් විහාරස්ථානය නිරෝධායනයට ලක් කළ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

හිටපු කර්මාන්ත ,වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.

Read More

20 වනආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වීමේ ලකුණු පෙනී යන බවත් සිය පක්ෂය නව ව්‍යවස්ථාවක් සදහා සහයෝගය ලබාදීමට සුදානම් බවත් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

Read More

සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයටම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

කහතුඩුව ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් 360 දෙනකු හඳුනාගෙන සඳහා (18) පි සි ආර් පරීක්ෂණ සිදුකළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 යි ග්‍රෑම් 850ක් අද (18) දින සොයාගත් බවට මන්නාරම පොලිස් දූෂණ මර්ධන අංශය හා නාවික හමුදාව පවසයි.

Read More

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.

Read More

රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 2020.10.19 දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි .

Read More

පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ මවක සහ පුතෙකු කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් 17 රාත්‍රියේ රෝහල් ගත කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය කියයි

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

Read More

කොවිඩ්-19 පාලනයට හා මැඩපැවැත්වීමට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් පළ කරන ලද්දේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණ.

Read More

පිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට පි සි ආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව සඳහන් කරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

පොළොන්නරුව මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගි කාන්තාවක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙකු (16) දින බව හදුනා ගැනිමෙන් පසු හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු රෝගීන් ඇතුලත් කිරිම තාවකාලික නවතා දමා ඇති බව එහි පරිපාලන අංශය මහජනතාව වෙත දන්වා සිටි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.