PCR වාර්තාව ලැබීමට පෙර ඥාතීන්ට භාරදුන් දේහයේ කොවිඩ්
ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (02දා) දින ඇතුලත් කළ පුද්ගලයෙකු ඊයේ (03දා) උදෑසන 8.30 ට පමණ එම රෝහලේදීම මියයෑම නිසා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් මිය ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් මෙම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර මෘතදේහය ඥතීන්ට භාරදී තිබේ.
පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඊයේ සවස ලැබී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පන්නල වලකුඹුරුමුල්ල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි ඒ චන්ද්‍රපාල නැමති අයෙකු වන අතර ඔහුගේ මෘතදේහය මල්ශාලාවකට ගෙනගොස් පෙට්ටියක තැන්පත් කර ඊයේ (03දා) නිවසට රැගෙන ඒමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙ.
අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘතදේහය පන්නල පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරීන් එක්ව ඊයේ 03 රාත්‍රී 11.00 පමණ බෝපිටිය ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
පන්නල-හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

