saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8347 hours ago

LATEST

තලවකැලේ නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසයි

calendar_today 2021 ජන 13 - 12:41 remove_red_eye - 213  

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඊයේ (12) පියවර ගන්නා ලදි.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී ඊයේ (12 )අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය කියයි

Read More

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ති​බේ.

Read More

කොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි විසිහතරක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනයි ග්‍රෑම් එකසීය පනස්පහක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකය කියයි.

Read More

කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය .

Read More

එදිනෙදා අප සිදුකරන ක්‍රියාවන්වලදී ඉවත දමන දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. ඒ අතර ඝන තත්ත්වයේ පවතින කඩදාසි, කාර්ඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලන ආහාර ආදිය දැකගත හැකියි. නාගරික වශයෙන් මෙකී අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර නොකිරීම නිසා බොහෝ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ඇති විය. මේ නිසාම ඝන අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම අත්‍යාවශම දෙයකි. මේ තොරතුරු පසුගියදා මොරටුව මහ නගර සභාව විසින් හඳුන්වා දුන් ඝන අපද්‍රව්‍ය කළම

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

Kazakhs මිනිස්සු ජීවත් වෙන්නේ, කසක්ස්තානයේ විතරද? කසක්ස්තානය නම් වෙන්නේ කසක්ස් කියන ගෝත්‍රයට අනුගතවයි. කසක්ස්තානයේ විතරක් නෙවෙයි, චීනය, උස්බෙකිස්තානය, රුසියාව, මොන්ගෝලියාව, කිරිගිස්තානය වගේ ආශ්‍රිත රටවලත් කසක්ස් මිනිස්සු ජීවත් වෙනවා.

Read More

වසරකට මෙරට මුදල් විශාල ප්‍රමාණයක් වැයකරමින් ගෙන්වන පිළිකා හඳුනාගැනීමට භාවිතකරන විකිරණශීලී ද්‍රව්‍යයක් රට තුළ නිෂ්පාදනය කිරීමට සුර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් සූදානම් වන අතර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම අද (13දා) සිදුකිරීමට නියමිතය.

Read More

සාමාන්‍යයෙන් මුහුදු වෙරළක් ආසන්නයෙන් විනෝද ගමනක් යනවිටදී පවා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් වන්නේ, මුහුදේ නෑමෙන් විනෝද වීම බව නොරහසක්. කෙසේ වුවත් නොදන්නා වෙරළකින් බැස මුහුදේ පීනන්නට හෝ නාන්නට සූදානම් වන්නේ නම්, විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු භයානක කරුණක් වන්නේ, මුහුදු දියවැල් ඔස්සේ සිදුවිය හැකි අනතුරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය ඇතිව ශ්‍රී ලාංකික ගුවන් මගීන් 284 දෙනෙකු ගුවන් යානා 08 කින් පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 521 දෙනෙකු ගුවන් යානා 12 කින් විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

මෙම නවතම සොයාගැනීමත් සමග මෙම කාන්තාව ’පේෂන්ට් සීරෝ’ බවට පත්විය හැකි අතර, ඇයගේ ආසාදන සිද්ධිය මීට පෙර ඉතාලියෙන් වාර්තා වූ සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගේ මුල්ම ආසාදන සිද්ධියටත් වඩා මාසයක් පැරණි වෙයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම ආධාරකරුවන් වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීමත් සමග මේ වනවිට ඒ වටා ආරක්ෂක වැටවල්ද ඉදිවී ඇති අතර, එක්සත් ජනපද අගනුවර ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂක බළකායේ හමුදා භටයන් 15,000ක් පමණ වොෂිංටන් වෙත යැවීමට බලය පවරන ලදී.

Read More

බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිළිවෙල අද සිට යළි ක්‍රියාත්මක කර ඇත .

Read More

ඉතාම දීර්ඝ ඉතිහාසයක් හිමි ස්විස් හමුදා පිහිය (Swiss army knife) කියන්නේ ඇත්තටම බහුකාර්ය උපකරණයක්. නියම ස්විස් හමුදා පිහි අදටත් නිෂ්පාදනය කරන්නේ ස්විට්සර්ලන්තයේ වික්ටරිනොක්ස් සමාගමෙන්.

Read More

ජනාධිපතිවරයා වෛරසයට ධනාත්මක බවට එම කාර්යාලය නිවේදනය කර දිනකට පසුව යළිත් දෙවැනි පරීක්ෂණයේදී ජනාධිපතිවරයා සෘණෘත්මක බව මෙසේ නිවේදනය කර ඇත.

Read More

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’දේශපාලන ඉතිහාසයේ දැවැන්තම මායා දඩයම ඔවුන් දිගටම කරගෙන යනවා. නමුත් මට ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය නැහැ’’ තමන්ට එරෙහි දෝෂාභියෝගය සඳහා අද ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි යන පසුබිමක ට්‍රම්ප් හඬ අවදි කළේය.

Read More

කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මූලිකව පැතිරුණු බවට පවතින අදහස අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් මෙම පර්යේෂණ සඳහා අවසර ඉල්ලා සිටි අතර, චීනය ඔවුන් සාදරයෙන් පිළිගන්නා බව දන්වා තිබුණි.

Read More

’’අපගේ සාමූහික ඉලක්කය වන්නේ මේ තරගයේ ඉදිරියෙන් සිටිමින්, වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගෙන, අධ්‍යයනය කිරීම සහ රෝග පාලන ප්‍රයත්නයන් සඳහා ඒවායේ ඇඟවුම් තේරුම් ගැනීම සඳහා ගෝලීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි.’’

Read More

විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පැවති වෛරසය ප්‍රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබුණද, එය මාරාන්තික හෝ දරුණු රෝග ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Read More

මෙම නව විකෘතිය E484K ලෙස හැඳින්වෙන අතර, එය මීට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරස ප්‍රභේදයකින් සොයාගෙන ඇත. එම ප්‍රභේදය දැන් තවත් රටවල් 12ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

Read More

පියාසැරි දත්ත රෙකෝඩර මගින් ගුවනේ පීඩනය, ගුවන් වේගය සහ උන්නතාංශය ඇතුළුව ගුවන් යානයක තොරතුරු සකසයි. දෙවැනි කළු පෙට්ටිය වන නියමු කුටියේ හඬ පටිගත වන ගුවන් ගමන් දත්ත රෙකෝඩරය තවමත් සොයාගෙන නොමැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 91,527,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් දින 12ක කාලයක් වව්නියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරය තුල ව්‍යාප්ත වීම මනා ලෙස පාලනය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 34ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) වන විට 2618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.