සංචාරකයන්ට විවෘත වුවත් ආරක්ෂාව මූලිකයි - ඩුබායි
ඩුබායි සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ආසන්න සතිවලදී නගර සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණද, ඒ සමගම වෛරසයද නගරය තුළ පැතිර ගොස් ඇත්තේ නොවැම්බර් මාසයේ සිට ආසාදිතයන්ගේ සිව් ගුණයක ඉහළ යෑමක් පෙන්වමිනි.
ඩුබායි සඳහා 2021 යනු ආර්ථික හා සංචාරක දෘෂ්ටි කෝණයෙන් බලන විට විශාල වසරකි. වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වීමෙන් පසු ඔක්තෝබර් මාසයේදී වර්ල්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනය පැවැත්වීමට ඔවුන් සූදානම් වෙයි.
කෙසේ වෙතත් ඩුබායි හි සංචාරක ක්ෂේත්රයේම බ්ලා බ්ලා බීච් ක්ලබ් හි සාමාන්‍යාධිකාරී මොහොමඩ් ඉස්ලාම් පවසන්නේ ලාභය ලැබීමට පෙර ආරක්ෂාව පෙරට පැමිණිය යුතු බවයි.
"සංචාරක කර්මාන්තයේ විශාල පිරිසක් දැඩි ලෙස මෙය නැවත විවෘත කිරීමට ඉල්ලා සිටිනවා. එය සාධාරණයි. නමුත් ආරක්ෂාව පිළිබඳ අපගේ මූලික අවධානය යොමු කළ යුතුයි. මන්දයත් අප මේ පද්ධතිය අනිසි ලෙස භාවිත කළහොත් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් වීමකට යෑමට අපට සිදුවේවි. අප මුදල් ඉපයීම ගැනම නොසිතිය යුතුයි. නමුත් අප සියල්ලන්ම එකට සිටිමින් මෙය ජයගත යුතුයි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

