දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 48 දෙනෙකු ඊයේ (06) දිනය තුල වාර්තාවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 3060 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමරමහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (06) දිනය තුල නව කොරෝනා ආසාදිත රෝගින් 13 දෙනෙකු වාර්තා වි ඇත. ඒ සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 1604 දක්වා ඉහලාගොස් ඇත.
ඊයේ දිනය තුල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්, 01රෝගියෙකු, බලපිටියෙන් රෝගින් 06 දෙනෙකු, ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් රෝගින්05 දෙනෙකු, ඉමදුව ප්‍රදේශයෙන් 01 රෝගීයකු වාර්තා විඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිත රෝගීන් 24 දෙනෙකු වාර්තා වි ඇත. දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 05 දෙනෙකු, හක්මනීන් 01ක් අයෙකු, කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයෙන් රෝගීන් 02නෙකු, වැලිගමීන් රෝගින් 16 දෙනෙකු වාර්තා වි ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 1116 දෙනෙකු වාර්තා වි ඇක. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 11 දෙනෙකු වාර්තා වි ඇත. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 08 දෙනෙකු හා වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින්11 දෙනෙකු වාර්තා වි ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින්340 දෙනෙකු වාර්තා වි ඇත.
දකුණු පළාතේ මේ දක්වා වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් 3060 දෙනාගෙන් 1907 දෙනෙකු සුවය ලබා ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගින්1058 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ 648 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 201 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම දකුණු පළාතේ පවුල්3146කට අයත් පුද්ගලයින් 7424 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්1639කට අයත් පුද්ගලයින්3154 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්993කට අයත් පවුල්3461 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්514කට අයත් පුද්ගලයින්809 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. දකුණු පළාතේ පුද්ගලයින්88331 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇත.