saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 7883 hours ago

LATEST

තවත් ආසාදිතයින් 414 දෙනෙක්

calendar_today 2020 ඔක් 29 - 19:11 remove_red_eye - 777  

අද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

Read More

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

Read More

කහතුඩුව නගර මධ්‍යයේ උඩුමහලක පවත්වාගෙන යන කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා රෝගය වැලඳීම හේතුවෙන් එම වෙළඳසැලට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණ එකසිය විසි පස් දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය .

Read More

’’ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’’ හා සමගාමීව, පසුගිය අවුරුදු කිහිපය පුරාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍යවරුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනේ.

Read More

කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියා පැය හතරකට පසු අද 29 මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.

Read More

රට තුළ පවතින වසංගතය හමුවේ පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යාන තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව පියවර ගෙන ඇත.

Read More

මරණ දඩුවම නියම වී මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමට තමන් විසින් තැබු අත්සන ඉල්ලා අස්කර ගන්නා බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

Read More

වසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

Read More

නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

බස්නාහිර පළාතට අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන හෙයින් දුම්රිය ධාවන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මේ වනවිට අදාල කර්තෘ මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර තිබෙන අතර සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද සන්ඩේ ටයිම්ස් පුවපත්පතේ සේවකයන් වැඩි දෙනෙකු නිවසේ සිට සේවය කරන්නන් වන අතර ආයතනය තුළ සේවය කරන සියලු දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුව සිය කාර්යයන් ඉටු කරන බවත් සියලුම මුද්‍රණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සෞඛාරක්ෂිතව සිදු කරන බවත් විජය පුවත්පත් සමාගම දන්වා සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

සබරගමු පළාත තුල 29දා වනවිට කේවිඞ් 19 ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පැවසූ සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 4393ක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සඳහන් කළේය.

Read More

බණ්ඩාරවෙල නගරයේ එළවලු තොග පොළ දින 4 ක කාලයක් සදහා වසාතැබීමට ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම් . මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (29) බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටු රැස්වීමේදි තීරණය විය .

Read More

රටේ උද්ගත වි ඇති වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙනතුරු සතිඅන්ත දිර්ඝ නිවාඩුවට සහ ඉදිරි දින කිහිපය තුල නුවරඑළියේ විනෝද චාරිකා සදහා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

දොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400 දෙනකු අද ස්වයං නිරෝධායනයට යොමු කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධාණය යොමුවෙයි. ඊට අදාල වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැලැස්මට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබේ.

Read More

කෝවිඞ් 19 වෛරසය ආසාදිත බව තහවුරුවූ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් අද අලූයම කෑගල්ල රඹුක්කන රෝහලට ඇතුළත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම්කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා කිරී​ම ඉවත් කෙරෙයි.

Read More

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

Read More

යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් ඊයේ (28) රාත්‍රියේ දෙදෙනෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් පත් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

රට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද 29 වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .

Read More

මාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.