මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයේ පැමිණි දෙදෙනකු අත්අඩංගුවට
හෙරොයින් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්ය.
දෙහිවල සිට පැමිණි අවුරුදු 27ක් පමණ වයැසැති පුද්ගලයකු හෙරෝයින් මිලි ග්රැම් 92ක් සමගද ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 28ක් වයසැති පුද්ගලයකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලිග්රැම් 50ක් සමග අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා පවසන ලදි.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

