දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 490 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 309 දෙනෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 75 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
ඊයේ (27) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව23කි. අක්මිමනින් 02නෙකු, බෝපේ පොද්දලින් 05 දෙනෙකු, බලපිටියෙන් 09 දෙනෙකු, ඇල්පිටියෙන් 01 අයෙකු ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් 02 නෙකු, කරන්දෙණිය ප්‍රදේශයෙන් 02ක් හා නියාගම ප්‍රදේශයෙන් 02 වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයෙක් ඊයේ (27) දින කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇත. අකුරැස්ස ප්‍රදේශයෙන් 04 දෙනෙකු, දික්වැල්ල ප්‍රදේශයෙන් 03නෙකු, කුඹුරුපිටිය ප්‍රදේශයෙන් 01 අයෙකු, කැකුණදුර ප්‍රදේශයෙන් 02නෙකු වැලිගම ප්‍රදේශයෙන් 02 නෙකු වාර්තා වි ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 04 දෙනෙකි. අම්බලන්තොටින් 01 අයෙකු අගුණුකොළපැලැස්සෙන් 01 අයෙකු, කටවුන හා වලස්මුල්ල යන ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත.
කොවිඩ් ආසාදනය විමෙන් 419 දෙනකු සුව වි ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 264 නෙකු මාතර දිස්ත්‍රික්කයේ 122 නෙකු, හම්බන්තොට දිස්ත්‍රික්යේ 33 නෙකු සුව වි ඇති බවද කොවිඩ් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා පවසයි.
දකුණු පළාත තුල පවුල් 2317කට අයත් පුද්ගලයින් 4678 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.