saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7787 hours ago

LATEST

ඇඳවැටීම නිසා මියගිය කොවිඩ් ආසාදිතයාගේ මරණය කොවිඩ් මරණයක් නොවේලු

calendar_today 2020 නොවැ 04 - 20:26 remove_red_eye - 1145  

නිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Read More

අඟලවත්තේ ඇගලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව දින දෙකක් වසා දැමීමට එම ආයතනයේ පාලන අධිකාරිය තීරණය කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රජයේ රෝහල් සායනික ප්‍රතිකාර ගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගින් වෙත තැපැල් මගින් නිවසටම ඖෂධ ලබාදිමේ වැඩපිළිවෙලක් හෙට (5) සට යළි ආරම්භ කෙරේ.

Read More

දිවයින පුරා වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ වී ඇති පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පවසයි.

Read More

නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නුවරඑලිය අධිකරණ සංකිර්ණයට පැමිණිම නිසා නුවරඑලිය මහාධිකරණය , දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු මේ මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද දින ඉල්ලිමක් කල බව නුවරඑලිය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසිය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු අද (04) සිට උසාවියේ අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බැව් වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප ටී.එම් රත්නායක මහතා පැවසීය.

Read More

කොරෝනා ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මෙය ඇමරිකානු මහජනතාවට කරන වංචාවක්. මෙය අපේ රටට ලැජ්ජාවක්’’ ජනාධිපතිවරණයේ පුරෝකථනය කරන ලද ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ජෝ බයිඩන් ඉදිරියට පැමිණ ඇති පසුබිමක ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයන් 20 දෙනකුගේ සමීපතම ආශ්‍රිතයන් 200 ආසන්න පිරිසකගේ පි සි ආර් පරීක්ෂණ අද (4) කැස්බෑව බස් නැවතුම්පොළේ දී සිදුකෙරිණි .

Read More

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.

Read More

අලුත්ගම පොලිස් වසම තුළ පවුල් ඒකක අසූ එකකට අයත් පුද්ගලයන් තුන්සිය අසූවක් අද(04) දින වන විට එම පුද්ගලයන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක්කර ඇතැයි අලුත්ම පොලිසිය කියයි.

Read More

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර්යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

කදාන ජයසමරුගම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂාවකින් රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් 06ක් ඇතුළු 29 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස තහවුරු වු බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව් .එම්.වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.

Read More

සේවිකාවකට කොරෝනා ආසාදිතවීම නිසා පසුගියදා (31) වසා දමන ලද හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 450 දෙනෙකුට සිදුකරන ලද පිසීආර් පරීක්‍ෂණවලින් 250 දෙනෙකුගේ ප්‍රතිඵල මේවන විට ලැබී ඇති බවත් එයින් 23 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

වර්තමාන අනුපාතයට අනුව නව කොරෝනා වෛරස් අඛණ්ඩව ඉහළ ගියහොත් නොවැම්බර් මස අවසානයේදී ඉතාලියට දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ප්‍රමාණය උපරිම මට්ටමට ළඟාවිය හැකි බව ඉතාලි වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ෆිලිපෝ ඇනෙලි අනතුරු ඇඟවීය.

Read More

හැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුද හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම යුද හමුදා භටයින් තිදෙනා (03) දින පස්වරුවේ පනාගොඩ යුද හමුදා රෝහල වෙත යොමු කර ඇත.

Read More

අනාගතයේදී නව මුඛ ආවරණ මිලදී ගැනීමේදී කැනේඩියානුවන් මෙම ස්ථර තුනකින් සාදන ලද ඒවා සොයා බැලිය යුතු බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි තෙරේසා ටැම් අවධාරණය කරයි.

Read More

කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළදපොල භුමියෙන් හමුවිමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළදපොල භුමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද (04) දින ආරම්භ කලහ.

Read More

පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලිමක් කරන බවත් එසේ නොකළහොත් ඉදිරියේ දි භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

අසැබි වෙබ් අඩවි වාරණය මඟහැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත අද දින අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව පවසන වෛද්‍ය ෆ්‍රැන්සිස්, ’’ඔබේ ආසන පටි පැළඳීම ගැන ඔබ සිතන ආකාරයටම ඒ ගැන සිතන්න’’ යැයි කියයි.

Read More

වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුරුදු 25 ත් 64 ත් අතර 50% සිට 65% දක්වා වැඩිවී තිබේ.

Read More

ෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේනියා, විස්කොසින් ආදී ප්‍රාන්තවල ජයග්‍රහණය මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක සාධකයක් වේවිලු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.