saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7783 hours ago

LATEST

කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි

calendar_today 2020 නොවැ 05 - 18:25 remove_red_eye - 2539  

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ 149 දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා නිරෝගී පුද්ගලයින් ලෙස නිවෙස් බලා පිටව ගියේය.

Read More

මධ්‍යම කදුකරයට අද දින පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.

Read More

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය , ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

අධිකරණයෙන් නියමවූ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාසයක සිර දඩුවමක් නියම වූ තරුණයෙකු ඊයේ (04දා) සවස හලාවත පොලිස් බන්ධනාගාර සිරකුටිය තුළදීම තම උඩුකය ඇදුමෙන්ම එල්ලී ගෙල සිරකරගෙන මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.

Read More

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අද ( 5) සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය

Read More

මිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 රෝගීන් හතළිස් පස් දෙනකු වාර්තා වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි

Read More

(LONG READS) පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වීඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය.

Read More

සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමන බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියි

Read More

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය

Read More

පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල වාර්තා ලබාදීම දිගටම සිදුකරන බව විදෙස් වාර්තා පවසයි.

Read More

කල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමිමට තිරණයක් ගෙන නැති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවසන්වීමෙන් පසුව දෛනිකව විෂබීජහරණයට ලක් කිරීමට ගම්පහ මහ නගර සභාවෙහි සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත.

Read More

මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කළ බවට ඊයේ ජනමාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

Read More

බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read More

ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ ප්‍රවාහනය කිරීම සඳහා රෝහල්වලට ආධාර කිරීම වෙනුවෙන් සොල්දාදුවන් 2,500ක් අනුයුක්ත කරන බවය.

Read More

ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

Read More

කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. මේ සමග කල්පිටියේ ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව සඳහන් වෙයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් සඳහන් වේ.

Read More

මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්කාරය යෙදවීම, ඡන්දයේ අඛණ්ඩතාව පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සහ නීතිමය බලපෑමක් කිරීමට උත්සාහ කිරීම ඇතුළු ක්‍රියාවලියක් බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොටදෙණියාව, ගල්වැඩපොළක් තුළ පර්වතයෙක් කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයන් අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින්, ජෝ බයිඩන් තවමත් ඉදිරියෙන් සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,223,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර 2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පැනවිමක් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

Read More

දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධිකරණ කටයුතු මේ මස (04) දින සිට මේ මස 09 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.