saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7775 hours ago

LATEST

බුස්ස බන්ධනාගාරයේ රැදිවියන්ට පි සි ආර් පරික්ෂණ

calendar_today 2020 නොවැ 13 - 09:47 remove_red_eye - 264  

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ සිට රැදවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ප්‍රාදේශිය මට්ටමට වඩා මෙම වාට්ටුවේ සිටින පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළ සමග සම්බන්ධ රැදවියකුගෙන් ද යන්න පිළිබද පරික්ෂා කිරිම සදහා අද (13) දින මෙකි වාට්ටුවේ සිටින රැදවියන් 74 දෙනාගෙම පි.සි.ආර් පරික්ෂණ සිදුකරණ බැව් ගා

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

’’දැන් ලොක්ඩවුන් නීති හෝ සීමා ඉවත් කිරීම ගැන කතා කිරීමම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති’’ කැස්ටෙක්ස් තවදුරටත් පැවසීය. ’’අවම වශයෙන් ඉදිරි දින 15 සඳහාවත් මෙම නීතිරීති නොවෙනස්ව තබා ගැනීමට අප තීරණය කර තිබෙනවා.’’ ප්‍රංශ අගමැති කියයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු මෙරට රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් මුල් අවස්ථාවේදී බිඳ වැටුණු මගී නෞකා කර්මාන්තය යළි නගාසිටුවීම ආරම්භ කරමින් කැරීබියානු මුහුදු කලාපයේ ගමන් ඇරඹි පළමු නෞකාව මෙම සී ඩ්‍රීම් වන් නෞකාවයි.

Read More

ලොව ප්‍රමුඛතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Huawei සමාගම සහ වීඩියෝ නිරීක්ෂණ මෙවලම් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Hikvision සමාගමද මෙසේ අසාදු ලේඛණගත කළ සමාගම් අතර වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,600,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 277 ක් හදුනාගෙන තිබේ.

Read More

කොළඹ 13, කොටහේන ඉදිකිරීම් ව්‍යාපෘතියක ව්‍යාපෘතියක චීන ජාතිකයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණ නමුත් ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන් හට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතට යාම තහනම් කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.

Read More

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 2020.11.12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම අංශය 15 වන ඩ්‍රෝන

Read More

මැතිවරණ කොමිසන් සභාවේ නිල කාලය අදින් (12) අවසන් වේ.

Read More

හුදකලා කිරීම හා සම්බන්ධ නීති උල්ලංඝනය කළ 15 දෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

Read More
MADE IN SRI LANKA
12 11 2020 19:15:00

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ. එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 රෝගීන් සදහා වෙන් කර තිබූ වාට්ටු දෙකෙහි ආරක්ෂාවට සිටි ගුවන් හමුදා භටයන් 09 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය යේ පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

රජයේ නිවාඩු දිනයන් වන ලබන සෙනසුරාදා සහ ඉරිදා ( 14 සහ 15) යන දෙදින තුල සියළුම මගී දුම්රියන් ධාවනය නොකරන බවත් නොවැම්බර් 16 වෙනිදා සිට කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය ධාවනය අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 රෝගීන් සදහා වෙන් කර තිබූ වාට්ටු දෙකෙහි ආරක්ෂාවට සිටි ගුවන් හමුදා භටයන් 09 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි හත්සිය පනහකට ආසන්න රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයේ වහලය උඩ නැග අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය .

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතව සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ​ගොස් ඇ​ත.

Read More

හොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 217 දෙනෙකුට අද 12 දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

Read More

කුඩාවැල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ​ය, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන​ය රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්ම​ක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

Read More

කොවීඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහල ඊයේ (11) සවස රජයේ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරුණි.

Read More

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.