saravita-anim2

2026 ජුනි මස 29 වන සඳුදා

2026 ජුනි මස 29 වන සඳුදා

Latest News - timelapse 8479 hours ago

LATEST

හිස නැති කාන්තා මළ සිරුර හඳුනා ගැනීමට DNA පරීක්ෂණයක්

calendar_today 2021 මාර් 04 - 07:43 remove_red_eye - 474  

වේල්ලවීදියේදී හමුවූ හිස නැති මළ සිරුර හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව තුළින් තවමත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාාදිතයන් 356 දෙනාගෙන් ආසාදිතයන් 104ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

’’වෙනත් ආකාරවලින් ඔහුට ඇහුම්කන් දුන් ආකාරයට පැහැදිලිවම ඔහුට ඇහුම්කන් දෙන පුද්ගලයන්ට සංඥාවක් (එන්නත ලබාගැනීම සඳහා) ලබාදීමට මෙය අතිශය හොඳ අවස්ථාවක් වීමට තිබුණා’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට එරෙහිව හයේ පහර හයක් එල්ල කිරමට ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන්නේ කිරන් පොලාඩ්ය. මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් හා ඉන්දියාවේ යුවරාජ් සිං එම දක්ෂතාව දැක්වීය.කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වූයේය.

Read More

FBI සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරු අනුව, මීට පෙර ජනවාරි මාසයේදී සිදුවූ පහරදීමටද සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු අන්තවාදීන් අතර යළි පහරදීමක් ගැන වැඩි කතාබහක් ඇති බවට අනතුරු අඟවා ඇත.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,559,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

Read More

අද (03) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 130ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන්නේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු මේ මස 10 දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් අවු 16 වයසැති සිසුවෙක් පරිවාස භාරයේ තබන ලෙසත් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය (03) දින නියෝග කලහ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක තොගය ලබන ඉරිදා මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

Read More

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 484ක් දක්වා වර්ධනය වී තිබේ. එරාවුර් ප්‍ර දේශයේ පදිංචි 65 හැවැරිදි කාරන්තාවක් මුල්ලේරියාව රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.03 දින උපදෙස් දුන්නේය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 205ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (3) කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය

Read More

සේවාදායකයකු හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට ගිය බව කියන නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට අද (03දා) නියම කළේය.

Read More

මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් වෙත නොමිලයේ විදුලි සබඳතා ලබාදීමේ පළමු අදියර, මේ මස 06 දා ගිරිබාවෙන් ඇරඹීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වලට අවධාරණය කරයි.

Read More

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවැසූහ.

Read More

නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

Read More

බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුකුඹුරේ ධම්මරතන නාහිමියෝ අද (03) සඳහන් කළහ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.

Read More

තනතුරෙන් ඉවත්කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (03දා) නියම කළේය.

Read More

චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අති නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂණ(PCR) යන්ත්‍රයක් සහ පරික්‍ෂණ උපකරණ ලබා දීම පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

Read More

කොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙයි.

Read More

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්‍රසාදය හා කනගාටුව රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

පොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ 2 අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.