කොරෝනා මෘත දේහ භූමදානයට ඉරණතිවු සුදුසු තැනක් නොවේ
කොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙයි.
රජය මගින් පසුගියදා කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ඉරණතිවු දුපත් ප්‍රදේශයේ භූමදානය කිරීමට ගන්නා වූ තීන්දුව හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට පෙන්වා දී ඇත.
මෑතක සිටඉරණතිවු දුපත්ප්රදේශයේ ජනතාව වැඩි වශයෙන් ජීවත් වීමට පටන් ගෙන ඇති අතර නාවික හමුදාව එම ප්‍රදේශය තුළ කඳවුරු බැඳගෙන සිටින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. තවද මෑතකදී ආරම්භ කරන ලද ඉරණතිවු මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානය හරහා ඇමරිකන් ඩොලර් මිලියන 25 කට අධික මුදලක් විදේශ විනිමය ලෙස රජයට ලබා ගැනීමට සැලසුම් කර ඇති නිසා මෙම තීන්දුව තුළ එම ව්‍යාපෘතීන් සියල්ල අඩාලවන බවත්, මේ තුළින් අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවන බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දී ඇත.
අමාත්‍යවරයාගේ අදහස් වලට ඉතා ඕනෑකමින් සවන්දුන් දී ඇති ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා විකල්ප ක්‍රම පිළිබඳව සලකා බැලීමට පොරොන්දු වී ඇත අතර සුළුතර ජනතාවගේ හැඟීම් වලට හානි නොවන ආකාරයට අවසන් තීන්දුව රජය මගින් ලබා ගන්නා ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

