වතු අධිකාරිවරයාට පහර දුන් සැකකරුවන් යලිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන්නේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු මේ මස 10 දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් අවු 16 වයසැති සිසුවෙක් පරිවාස භාරයේ තබන ලෙසත් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය (03) දින නියෝග කලහ.
මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරි සුභාෂ් නරායන් සහ සහකාර වතු අධිකාරි අනුෂන් තිරු යන මහතුන්ට රු දහසක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු වෘත්තිය සමිති ක්රියාමාර්ගයකට එක්වෙමින් සැකකරුවන් ඉකුත් 16 දින වතු අධිකාරිවරයාගේ නිල නිවසට ගොස් පහර දි ගොම වතුරෙන් නැවුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවස්ථා දෙකකදි වතු කම්කරු කාන්තාවන් 07 දෙනෙකු සහ වතු කම්කරුවන් 03 දෙනෙකු මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් , එම සැකකරුවන් මේ වන විට සැගව සිටින බවයි මස්කෙලිය පොලිසිය කියා සිටින්නේ.
මෙම පහරදිමට විරෝධය පාමින් ශ්රි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමය සහ ශ්රි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය එක්ව (03) දින හැටන් නගරයේදි කළු පටි පැලද නිහඩ විරෝධතාවයකද නිරත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

