එක්සත් ජනපදය තුළ සඳුදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් දත්ත විසින් නව ආසාදිතයන් 51,931ක් වාර්තා කර ඇති අතර, මරණ 405ක් වාර්තා කර තිබේ. එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් 8,208,000ක් ඉක්මවා ඇත.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,327,000ක් පසුකර ඇති අතර, එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයා පවසන්නේ ආසාදන වැඩි වුවත්, ලොක්ඩවුන් එක විසඳුම නොවන බවයි.
Read Moreප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreකෝවිඩ් 19 වසංගතය වෙනුවෙන් නිකුත් කළ රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව තුළ මීටරයේ පරතරය තබා ගත නොහැකි බවත් ඒ අනුව වහාම පාර්ලිමේන්තුව රැස්වීම් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වන අතර මොවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවැසීය.
Read Moreවලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 113 ක් , ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි ප්‍රාදේශිය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
Read Moreකාදිනල් හිමිපාණන්ට අපහාස කරමින් සහ බෞද්ධ සහ කතෝලික ජනතාව අතර වෛරය ගොඩනැගෙන ප්‍රකාශ ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව නොවැම්බර් 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreසමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි.
Read Moreජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල සඳහා අද 2020.10.19 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිට භාර දුන්හ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් හෙට (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
Read Moreබොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බවට වාර්තා වේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/19 දින සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් , තවත් 02 දෙනෙකු මෙම කළාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreදැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමිපතමයෙකු වන පංචිකාවත්තේ නෙවිල් නැමැත්තා පිස්තෝලයක්ද සමඟ අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreනුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය සඳහන් කරයි.
Read Moreකොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබේ.
Read Moreදේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුනට දෙස් - විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහයෝගය ලබා දිය හැකි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු යොදා ඇත.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන් )ට එරෙහිව නඩු විභාගය කල් දමන ලදි.
Read Moreහදිසි පනත් සම්මත කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනපතිවීමට අවස්ථාව ලබාදීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිට ඇති බලතල අහෝසි කිරීම, ඇමතිවරුන් ගණනට ඇති සීමා ඉවත්කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ
Read Moreඅද උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
Read Moreහෙරෝයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයා 23 දින දක්වා රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ආර්.එස් .මහ්ෆි මහත්මිය පුත්තලම පොලිසියට අවසර ලබා දිම සිදුවිය.
Read Moreගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.
Read Moreකෝවිඩ් -19 වෛරසය ආසාදානය වූ තවත් 37ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreහිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.
Read More