saravita-anim2

2025 ජුලි මස 16 වන බදාදා

2025 ජුලි මස 16 වන බදාදා

Latest News - timelapse 7521 hours ago

LATEST

පී.සී.ආර්. පරීක්ෂණට ලක්වූ ධීවර කාර්මිකයන් දින 14ක් නිරෝධායනය විය යුතුයි

calendar_today 2020 ඔක් 27 - 10:07 remove_red_eye - 259  

පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ධීවර කාර්මිකයින් හා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් අනාවර්යෙන්ම නිවෙස්වල දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 541ක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළදි නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආර්ථිකය පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාතික ගෙවතු වගා වැඩසටයන ක්‍රියාත්මක කෙරේ.

Read More

’’මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, ’’මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!’’ කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි, දකින්න ලැබෙන්නෙ.’’

Read More

’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’

Read More

දකුණු පළාත තුල මේ වනවිට පුද්ගලයින් 2900 දෙනෙකු පමණ නිවෙස්වල නිරෝධායනය වන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

අනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.

Read More

කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ කොටුව හා පිටකොටුව යන ස්ථානවල බැංකු මූලස්ථාන ක්‍රියාත්මක කිරිමට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,500,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා ආසාදිත වූ තවත් 261ක් අද දිනයේදී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය පැවසීය.

Read More

වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි.

Read More

උසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ’’සිසු සැරිය’’ මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

හැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමුවු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවු කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට කොටගල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) දින කටයුතු කළහ.

Read More

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය 2020 ඔක්තෝම්බර් 26 සදුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාර්යය හෙට (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හලාවත නගරයේ එළවලු හා මාළු වෙළෙඳ සංකීර්ණය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

මින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

අද කෝරළඉම ප්‍රදේශයෙන් තහවුරුවු කොවිඩිආසාධිත පුද්ගලයා සමග හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි බල ප්‍රදේශයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 18 ක් වාර්තාවී ඇති බවත් , බල ප්‍රදේශයේ පදිංචිකරුවන් 167 දෙනෙකු වෙනුවෙන් පිසීආර් පරීක්‍ෂණ සඳහා ජෛවසාම්පල අද දින (26) ලබාගත් බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පැවසීය.

Read More

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද 2020.10.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

චීන ශ්‍රී ලංකා දෙරට අතර සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත ’ලු ’ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.