saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8138 hours ago

LATEST

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක්

calendar_today 2021 පෙබ 28 - 19:19 remove_red_eye - 189  

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය .

Read More

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

අම්බලන්තොට නෝනගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ 27 වනදා සිදු විය.

Read More

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින වව්නියාවේදී පැවැත්වුණි.

Read More

ගල්කිස්ස විද්‍යාල පාර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග පුද්ගලයෙක් (27) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ.

Read More

පහරදීමකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව එම මරණය සම්බන්ධයෙන් පවත්වන ලද මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

Read More

කොරෝනා වෛරස් ඒ බලපෑම නිසා කල් දමන ලද 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යම පළාතෙන් අපේක්ෂකයෝ 85799ක් පෙනී සිටිති.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබා දීමෙන් , ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමට ගත් තීරණය අත්හල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කරයි.

Read More

යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

පැලවත්ත බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරාගැනීමේ සිද්ධියකට සාමි වරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු 28 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මීට පෙර ගිවිසුමක් යටතේ මැලේසියානු රජය සීනොවැක් වෙතින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි භාණ්ඩ මිලදී ගනිමින් මැලේසියානු සමාගමක් විසින් එන්නතෙහි අවසන් නිෂ්පාදනය රට තුළ සිදුකරනු ලැබීය.

Read More
අද කාලගුණය
28 02 2021 08:22:00
0 194

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මීට පෙර එරට ක්‍රියාත්මක වූ බොකෝ හරාම් සහ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පාසල් සිසු සිසුවියන් පැහැර ගැනීම සුලභව සිදුවූ අතර, ඇතැම් අවස්ථාවල පැහැරගත් සිසුවියන් ඔවුන්ගේ අඹුවන් ලෙස තබාගත් අවස්ථාද වාර්තා විය.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (27චා) කියා සිටියේ එරට ඕක්ලන්ඩ් අද (28දා) සිට දින හතක් සඳහා අගුලු දැමීමට කටයුතු කරන බවයි.

Read More

මීටර 150ක ඝනකමකින් යුතු පාවෙන අයිස් තට්ටුවේ පැවති ඉරිතැලීම් හේතුවෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී යනු ඇතැයි විද්‍යාඥයන් මීට වසර ගණනාවක සිටම අපේක්ෂා කරමින් සිටි බව කියැවෙයි.

Read More

ලතින් ඇමෙරිකානු කලාපයද කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් වන අතර, මෙම කලාපය වෙත එන්නත් ලැබීමේ ප්‍රමාදයක් පැවතිණි.

Read More

දැනට ඇමෙරිකාවේ භාවිත කෙරෙන ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෙඩොර්නා එන්නත් මෙන් අධික සීතලක විශේෂ ගබඩා කිරීමක් අවශ්‍ය නොවීමත්, තනි මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීමත් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වඩාත් නම්‍යශීලී එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කෙරුණු එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අරාබි ලෝකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ආදී රාජ්‍යයන් සෞදි අරාබිය වෙත සහාය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,740,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

අද (27) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 205ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහ බැංකු මංකොල්ලයට අදට වසර හයයක් ගතවී ඇති බවත් එහෙත් ඒ මංකොල්ලය සදහා හදුනාගත් වැරදිකරුවන්ට මෙතෙක් දඩුවම් ලැබී නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (7 පැවති ජනහමුවකදී පැවසීය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොට්ඨාසය ආසාදිත රෝගීන් 26 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 748 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.