හැටන් පාසල් සිසුවියක් දරු ප්‍රසූතියක් කරලා
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් දැරු ප්‍රසුතියක් සිදු කර ඇති බවත්, ඇයගේ පෙම්වතා යැයි සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඊයේ (03දා) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොටගල පදිංචි (21) හැවිරිදි තරුණයෙක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ..
29 දින ඇය නිවසේදි දරු ප්‍රසුතිය සිදු කර තිබේ. ඒ පිළිබදව හැටන් පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරක් මත දරු ප්‍රසුතිය සිදු කළ පාසල් සිසුවියගෙන් සහ ඇගේ දෙමව්පියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු අත්අගුවට ගෙන තිබේ.
රු ප්‍රසුතිය සිදු කළ පාසල් සිසුවිය සහ ඇය විසින් බිහි කල බිලින්දා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
popular news
-
Kumar Sunday, 04 April 2021 07:53 PM
At least they didn't kill the infant. This baby could adopted by a childless couple. Some families adopt children a servants.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

