saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7510 hours ago

LATEST

මුහුණු ආවරණ නොපැළ සිටි 300න් 2ක් කොවිඩ් ආසාදිතයන්

calendar_today 2021 ජන 05 - 18:16 remove_red_eye - 363  

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

තම ආයතනයට ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.

Read More

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (05දා) සවස 4.20 ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ සිටියහ.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (05) වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව වාට්ටුව බාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය උපෙක්ෂා ලියනගේ මහත්මිය පවසයි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 6.00 වන විට 2166 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ. ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි

Read More

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා වු ඉ-ඉඩම් ( e-land ) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අද දින (05දා) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.

Read More

මහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නාගරික ලේකම්වරිය ඇතුළු එම කාර්යාලයේ සේවකයන් 40 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .

Read More

(LONG READS)නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඉන් බොහෝ ප්‍රශ්න නිමාවෙයි

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.

Read More

ජනවාරි මස දෙවැනි සතියේ සිට 2020/2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිතය. ඒ අනු වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනිමට කටයුතු සකස් කර තිබේ.

Read More

අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

Read More

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (5දා) දිවුරුම් දුන්නේය.

Read More

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මතුගම නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි සේවය කල පිරිස නිරෝධායනයට යොමුකළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් දිවි ගලවා ගැනීමට පොඩි හෝ අවස්ථාවක් ඇති රෝගීන් පමණක් රෝහල් වෙත රැගෙන එන ලෙස එරට ගිලන්රථ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

මේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු පවසා තිබේ.

Read More

මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ සමස්ත ආසාදන 1,455,219ක් සහ මරණ 127,757ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ. වර්තමාන සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් හි මංගල උත්සව සඳහා අමුත්තන් 150කට පමණක් ඉඩ ලැබෙයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (04) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 32 නෙකු හමුවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1150 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානියේ සමාලෝචනය කරමින් පවතී.

Read More

’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක් ඔබට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන බවයි’’ අගමැති බොරිස් ජොන්සන් කීවේය.

Read More

වර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,786,000ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 353,131කි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.