SLFP ආණ්ඩුවක් හදනවා - මහාචාර්ය රෝහණ
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට ස්වාධීනව තරග කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි මේ සන්ධානය පසුගිය මැතිවරණ වලට පෙරාතුව මූලික එකඟතාවයන් අති කර ගත්තා. මේ වෙනකොට ඒ ගිවිසුම් කඩාකප්පල් වී තිබෙන්නේ. ඉල්ලීම් නොලැබීම හේතුකරගෙන අතෘප්තිකර භාවයක් ඇතිකරගෙන තිබෙනවා.
ඊටත් අමතරව ගම් මට්ටම් බිම් මට්ටමේ සිටින මන්ත්‍රිවරුන්ට ප්‍රතිපාදන නොලැබීම පිළිබඳව විශාල දුක්ගැන්නවිල්ලක් තිබෙනවා.
සෙසු පක්ෂවලත් මේ වගේම දුක් ගැන්නවිල්ලක් තිබෙනවා. මේ නිසාම වෙන්න ඇති සන්ධානයේ සිටින කුඩා පක්ෂ තැන් තැන්වල රැස්වෙලා කතා කරන්නේ.
වංචාව, දූෂණය පිළිබඳව බරපතල කතිකාවන් තිබෙනවා. ලංකාවේ දේශපාලනය තුළ මෑත කාලයේ සිදුවූයේ ප්‍රධාන වංචා තුනයි.
එකක් වැට් බදු චංවාව, දෙක බැඳුම්කර වංචාව, තුන මෑත කාලයේ සිදුවණ සීනි බදු වංචාව. අර ප්‍රධාන වංචා දෙකටම වඩා සීනි වංචාව විශාලයි.
මේකෙන් වාසි ගන්න දෙන්න බෑ එක්සත් ජාතික පක්ෂයට. මේ වන විට පල්ලෙහා මට්ටමින් ගම් මට්ටමින් විශාල පීඩනයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව මැතිවරණයට තරග කරන්න කියන කාරණය.
ඉදිරියේ ඇතිවන දේශපාලන වෙනස්වීම් සඳහා අපි ලෑස්ති වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමයි ලෑස්තිවෙන්නේ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                