saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7746 hours ago

LATEST

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මරුට

calendar_today 2021 මාර් 31 - 10:26 remove_red_eye - 331  

අඟුනකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ සිය සරමෙන් ගෙළ වැලලාගෙන මියගොස් සිටි රැඳවියකුගේ මළ සිරුරක් ඉකුත් 29වනදා හමුවී ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 78 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

මහියංගනය පොලිස් බල ප්‍රදේශයට අයත් මාපාකඩවැව 19 කණුව ප්‍රදේශයේ මවක් ඊයේ (30දා) සවස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති සිය දරුවාද රැගෙන ළිඳකට පැනීම නිසා එම දරුවා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

කුඩාඔය පොලිස් වසමේ මහආරගම පාසලේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලීසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරිමට තැපැල්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

තැපැල් සේවකයන් ඊයේ (30දා) දින රාත්‍රි 12 සිට (31) දින රාත්‍රි 12 දක්වා ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් අසනිප නිවාඩු වාර්තා කර තැපැල් කාර්යාල වසා දමා ඇත.

Read More

චින රජය සතු සිනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොවිඩ් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000ක් අද උදෑසන ශ්‍රි ලන්කන් ගුවන් සේවය හරහා මෙරටට ලැබිමට නියමිතව තිබේ.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.

Read More

චාවකච්චේරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් 13423197ක මුදලක් ලැබීමේ සිදුවීමට සම්බන්ධව එම ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කරයි.

Read More

’’මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්. අපට සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති එකම ක්‍රමය එයයි.’’ එන්නත්කරණයටත් වඩා මුඛ ආවරණයේ වැදගත්කමක් ඇති බව ඇමෙරිකානු නායකයා සිදුකර ඇති මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

Read More

’’අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා’’ යැයි නගර සෞඛ්‍ය අමාත්‍ය දිලෙක් කලෙයිචි පැවසීය. එය පූර්වාරක්ෂක පියවරක් ලෙස සඳහන් කළ අතර නගරය විසින් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල නිර්දේශය බලාපොරොත්තු වෙයි.

Read More

චීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබේ.

Read More

සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග එන්නත් සඳහා ඇති සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

’’ඇත්ත වශයෙන්ම, අපගේ සත්කාරක රටෙන් (චීනයෙන්) මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. අපගේ සාකච්ඡාවලදී, අපගේ කටයුතුවලදී ඇත්ත වශයෙන්ම ඔවුන් උනන්දුවක් දැක්වූවා. නමුත් අපගේ වාර්තාවේ තීරණාත්මක අංග ඉවත් කිරීමට අපට කිසි විටෙකත් ඔවුන් බලපෑමක් කළේ නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥ පීටර් බෙන් එම්බරෙක් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,116,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ පොකුරට සම්බන්ධ 16ක්, බන්ධනාගාර පොකුරට සම්බන්ධ 07ක් හා විදේශයන්හි සිට පැමිණි 14ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් රුපියල් දසදහසක මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේ එම මුදල ගිල දැමු බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇත.

Read More

හැමොම මට පෙෂර් කරන එක වැරදියි. අදාළ වැරදිකරුවන්ට පෙෂර් කරන්න. ඒ අයට කියන්න පස් ඉවත් කරන්න කියලා. ඒ අය අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් දැන් ඔය වැටසටහන කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ට්‍රිලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?

Read More

කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන නොර්වුඩ් ප්‍රාදේශී සභා කාර්යාලය නැවත විවෘත කිරිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

පස්සර සිට බදුල්ලට ධාවනය වෙමින් තිබූ ලොරියක් අද (30දා)සවස පස්සර කිරිමණ්ඩලය අසළදී මාර්ගයේ වැරැදි මං තීරුවට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඔයකට වැටී අනතුරට පත්විය.

Read More

මධ්‍යම පළාතේ සිදුවන වන විනාශයන් පිළිබඳව කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර පරිසර මෙහෙයුම් ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 102ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, බන්ධනාගාර, දිවුලපිටිය මෙන්ම විදේශයන්හි සිට පැමිණි අයගේ කොවිඩ් පොකුර 87795ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමඟ නාගරික වන වගාවන් (Urban Gardens) 25ක් ඉදි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (30) දින පැවසීය.

Read More

සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පිහිට වූ කමිටු වාර්තාව බාරදී තිබේ.

Read More

මේ වසරේ ගතවූ මාස හතරකට ආසන්න කාලයේදී පොලිස් නිලධාරීන් 72 රිය අනතුරුවලට ලක්ව ඇති බවත් එයින් නිලධාරීන් 18ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

තලවකැලේ ලිදුල නගර සභාවට නව සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණයට කොළඹ අභියාචනාධිකරණයෙන් අද දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Read More

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුව අට දෙනා ඇප මත මුදාහරින්නේ ද? නැත් ද? යන තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.