රවි ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුව අට දෙනා ඇප මත මුදාහරින්නේ ද? නැත් ද? යන තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
එදින තෙක් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කළේය.
එම නඩුව අද (30) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකරුවන් විසින් සිදුකළ ඇප ඉල්ලීම්වලට අදාළව කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විත්තිකරුවන් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු වශයෙන් තමන්ට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ විස්තර දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්කර තිබුණද එම රෝගී තත්ත්වයන් තහවුරු කිරීමට අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

