saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7742 hours ago

LATEST

රවි ඇතුළු පිරිසට දෙවැනි නඩුවෙනුත් ඇප

calendar_today 2021 අප්‍රේ 01 - 09:52 remove_red_eye - 478  

(UPDATE) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙන්ද ඇප නියම විය.

මාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ බෝට්ටු 5ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 500ක මත්කුඩු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මටත් අධ්‍යාපන කටයුතුවලට මුදල් ඕනවෙලා තිබුණා. තවදුරටත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා අන්තිම වතාවට කියල හිතාගෙන ගෙදරින් සල්ලි අරන් ගිහින් පාඨමාලාවට එකතු වුණා. කාලයක් ගිහිල්ලා ඒක රැවටීමක් කියලා තේරුම් ගන්නකොට සෑහෙන සල්ලි ප්‍රමාණයක් විනාශ වෙලයි තිබුණේ.

Read More

අප්‍රේල් පළමුවැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සැමරීම සඳහා දෙහිවල මුහුදු තීරයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරතිබෙනු දැකීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි. මතක ඇති කාලෙක කවුරුන් හෝ කළ බුද්ධිමත්ම වැඩේ යැයි මම කොළයක ලියා පොතක් ඇතුළේ දැමීමි.

Read More

මෙම අගුලු දැමීම යටතේ පැය 24 ක ඇඳිරි නීතිය, පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම සහ අත්‍යවශ්‍ය සාප්පු සවාරි සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ එක් නිවසක එක් අයෙකුට පමණක් බව පේරු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයක් පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 25 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,829 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්රැම් 438,000 ක භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා පැවසීය .

Read More

මෙම අගුලු දැමීම යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සංචරණ සීමාවන අතර නිවසේ සිට වැඩකිරීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. නව අගුළු දැමීමේ පියවර අප්‍රේල් 3දා ආරම්භ වන අතර එය මැයි 2දක්වා පවතිනු ඇත.

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සමග එම අවස්ථාවේදී පොලිස් නිලධාරී චාවින් අදහස් දක්වන අතර, ’’එය එක් පුද්ගලයෙකුගේ මතයයි’’ යනුවෙන් චාවින් තම පොලිස් මෝටර් රථයට නගින විට ප්‍රතිචාර දැක්වීය. ’’අපිට මේ මිනිහව ඒ විදියට පාලනය කරන්න සිද්ධ උනේ එයා සෑහෙන්න උසමහත මිනිහෙක් නිසයි. පේන විදියට ඔහු යම් ප්‍රතිචාරයක් දක්වන්න සූදානමින් සිටියේ.’’

Read More
අද කාලගුණය
1 04 2021 08:00:00
0 162

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බොලීවියාවේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ජේසන් අවුසා පින්ටෝ කියා සිටියේ චීනය විසින් ලබාදුන් එන්නතට ස්තූතිවන්ත වෙමින් පෙබරවාරි මාසයේදී රට විසින් විශාල වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි. නව එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.

Read More

හංගේරියාවේ ප්‍රධාන රෝහලක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සීමාවන් ලිහිල් කළ නොහැකි බවත් නවතම දත්ත මත පදනම්ව ඒ සීමාවන් ඉතා දැඩි විය යුතු බවත්ය.

Read More

SARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවට පූර්ව සාක්ෂි සහිතව හෝ රහිතව වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් යොදා ගනිමින් සිදුකළ තුන් වැනි අදියර අත්හදා බැලීමේදී ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයොඑන්ටෙක් ප්‍රකාශ කළේ ෆයිසර්-බයෝටෙක් හි BNT162b2 කොවිඩ්-19 මර්දන එන්නත 100%ක්ම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ඔවුන්ගේ අදහස බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,770,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කෝවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කළ සිනොවැක්ස් සහ සිනොෆාම් එන්නත් දෙක මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් (31දා) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඩයලොග් නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය ජනතාවට නැරඹිය හැකිය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 88ක් වාර්තා වී තිබේ. එම සියල්ලන්ම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වෙයි. මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 244කි.

Read More

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබිණ.

Read More

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියයාම, අපරාධමය ක්‍රියාවකින් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

Read More

මාධ්‍යවේදීන් සඳහා සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරුණි.

Read More

“වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය, වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන”

Read More

පිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මෙම වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

දරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

Read More

අද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (31) රාත්‍රී 10.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 161දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.

Read More

[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

හෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.