saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7895 hours ago

LATEST

120 කට පුර්ණ සුවය

calendar_today 2021 අප්‍රේ 24 - 17:17 remove_red_eye - 162  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 120 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය (202) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.

Read More

මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරට රදවා සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා නිදහස් කිරීමෙන් පසුව , ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More

පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සිට සෞදි අරාබියට පැමිණීය සීමා කර ඇති බව සෞදි ගුවන් සේවා අධිකාරිය සිකුරාදා නිවේදනය කළේය.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 251 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වේ. සෙසු ආසාදිතයන් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කරන පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

නවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.

Read More

අගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.

Read More

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පනත අනුව පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

Read More

ඉන්දියාව දෙවැනි කොරොනා රැල්ල හමුවේ දරුණු බලපෑමකට ලක්වූ රට බවට මේ වනවිටත් පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 145,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 135ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 43ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (23) පෙරවරු 6.00 වන විට 8262ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් වලට අදාළ සියලු වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරන ලදී .

Read More

මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

Read More

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නපුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙන්නප්පුවේදී හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 638ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසයි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.