saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7550 hours ago

LATEST

මැයි 14, 15 හා 16 දා කිසිම දුම්රියක් ධාවනය නොවෙයි

calendar_today 2021 මැයි 13 - 18:12 remove_red_eye - 287  

දිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ රැස්විම 18,19,සහ 20 යන දිනවල පැවැත්විමට තිරණය කර තිබේ.

Read More

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද රාත්‍රී 11.00 සිට සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරාම සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර එහිදී අවසර ලැබෙන කාර්යයන් හා අවසර නොලැබෙන කාර්යයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.

Read More

වැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

බිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැක.

Read More

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූ නමුත් ඔහු නොමැති ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඔහු වෙනුවෙන් සිදුකළ යුතු වගකීම් සියල්ලම අදාළ පුද්ගලයින්ට භාරදීමට කටයුතු කොට තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.

Read More

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?

Read More

මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක තරුණ තරුණියන් අනූවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍යය අංශ වලින් අනාවරණය වේ

Read More

ඊයේ (12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,429ක් හදුනාගෙන තිබේ.

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

යාපනයේ වඩුකෝඩෙයි ප්‍රදේශයේ පිහිටා තිබූ තාක්ෂණික විද්‍යාලයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සිමා කෙරුණද අද සිට අමතර දුම්රිය 05ක් ධාවනය සඳහා යෙදවිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 5/17 දා සිට 6/14 දා තෙක් අත්හිටුවා තිබේ.

Read More

රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

Read More

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වි ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (13) දින සිට මැයි (31) දින දක්වා (එදිනද ඇතුළුව) අත්හිටුවිමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් ඊයේ (12දා) වාර්තා වී තිබේ. මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

අහංගමදී නිවස තුළදි මියගිය සිව්දරු මවකගේ මරණයට හ්තුව කොවිඩ් නිව්මෝනියාව බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.

Read More

චීනයෙන් ශ්‍රි ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ දිනය වන විට පුද්ගලයන් 150606කට එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Read More

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සොයා ගත්තේ පළමු වැනි මාත්‍රාවෙන් පසුව වෙනත් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති බවයි. එහිදී පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් අයගෙන් 34%කට වැඩි උණ තත්ත්වයක් ඇතුළු අතුරු ආබාධ දැකගන්නට ලැබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් මාත්‍රා දෙකම ලබාගත් අයට එවැනි උණ තත්ත්වයක් පැවතියේ 10%ක පිරිසකට පමණි.

Read More

‍ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයන් 4ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.