saravita-anim2

2025 ජුලි මස 28 වන සඳුදා

2025 ජුලි මස 28 වන සඳුදා

Latest News - timelapse 6933 hours ago

LATEST

කලා උපාධි රැකියා වියුක්තිය ගැන විගණන වාර්තාවක්

calendar_today 2021 මාර් 22 - 16:14 remove_red_eye - 306  

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සලකා බැලේ.

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

මාර්තු 23 වන දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22දා) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගත කල බව පොලීසිය කියයි.

Read More

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීම සඳහා දින වෙන් කර ගැනිමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.

Read More

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ උඩුතුරෙයි ප්‍රදේශයෙන් රුපියල් කොටි 05 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 239 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.

Read More

සපුගස්කන්ද විදුලි උප-පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 9 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ

Read More

2024 වසරේ ජනාධිපතිවරණයට තරග කිරිම සඳහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිම සඳහා පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පැවැසීය.

Read More

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (21) දිනයේ ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read More

මෙරට සිදුවන රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන තිබිම හේතුවෙන් අඛණ්ඩව අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read More
‍‍සතිය ඔබට
22 03 2021 11:01:00
0 822

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 90200ක් වාර්තා වන අතර චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 90106කි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 2,161 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 459,000 බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය සදහා දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු ඊයේ (21) දින හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩී.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පස්සර 13කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලීගිය පෞද්ගලික බස්රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් රථ පරික්ෂක උපුල් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මගින් ඊයේ (21දා) පරීක්ෂාවකට ලක් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0

Read More

මස්කෙළිය, බගවන්තලාව,කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග නුවරරළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1513 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශබාර නිලධාරියකු පවසන ලදි.

Read More

චීනය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සිදුකරමින් තිබුණද, බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක්වූවද මුඛ ආවරණ පැලඳීම ඇතුළු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

තලේබාන් සහ වොෂිංටන් අතර ඇති කරගත් එකඟතාව යටතේ කැරලිකරුවන් ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සමඟ සාම සාකච්ඡාවල නිරත වන බවට ප්‍රතිඥා දුන් නමුත්, එහි සුළු ප්‍රගතියක් ලබා ඇති අතර සටන් වඩාත් නරක අතට හැරී තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පැයක පමණ කාලයක් විකිරණ කාමරයක දමා අඟුළු දැමීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන්ද වාර්තා විය. බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවය. නමුත් ඔහු මේ වසංගතය මුල සිටම අඩු තක්සේරුවකට ගැනීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.

Read More

මෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරඝනයේ විහාරාධීෂ්වර, ධර්මපාල වංශාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත්වෙති.

Read More

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ අතර, සීනොවැක් වෙතින් නව එන්නත් සමූහයක් පෙරේදා (20දා) කොලොම්බියානු බොගෝටා අගනුවර වෙත පැමිණ තිබේ.

Read More

මෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බවටද බලධාරීන් අනතුරු අඟවා තිබේ.

Read More

කොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මියාමි බීච් හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

තීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැටින්, එන්නත භාරදීම දෙරට අතර මිත්‍රත්වයේ සන්ධිස්ථානයක් බව පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,715,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.