saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7042 hours ago

LATEST

කොවිඩ්-19 ව්‍යාප්ත කරමින් වගකීම් විරහිත හැසිරීම නිසා පුද්ගලයෙක් අත්අඩංගුවට

calendar_today 2021 අප්‍රේ 25 - 08:10 remove_red_eye - 368  

’’රෝග ලක්ෂණ තිබුණත්, පීසීආර් පරීක්ෂණයක් කළත්, ප්‍රතිඵලය ලැබෙන තුරු නොසිට, නිරෝධායනයකින් තොරව ඔහු සිය සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන ගොස් තිබෙනවා’’ යනුවෙන් පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642ක් දක්වා වර්ධනය වී තිබේ. මෙසේ ජීවිතක්ෂට පත්වූවන් අතර විදේශීය ජාතිකයන් දෙදෙනෙකුද වෙයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මේ ඛේදවාචකය සිදුවුණේ සිකුරාදා රාත්‍රියේ. අප සතුව තිබූ සියල්ලු ඔක්සිජන් අවසන් වී තිබුණා. නියමිත වේලාවට ඔක්සිජන් සපයා තිබුණේ නැහැ. එය සවස 5.00ට පැමිණිය යුතු නමුත්, ඔක්සිජන් පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පමණ වුණා. මේ වනවිටත් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන්ට ඔක්සිජන් අවශ්‍යව තිබුණා’’ බලූජා පැවසීය.

Read More

ඉන්දියාවේ දැනට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඔබ පුදුමකරවන අගයක් වුවත්, ඉන් පෙන්නුම් කෙරෙන්නේ වෛරස ව්‍යාප්තියේ සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක නියෝජනයක් පමණක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More

අහස උසට නැඟෙන කොවිඩ්-19 ආසාදන ඉන්දියාවේ ප්‍රජාවන් සහ රෝහල් විනාශ කරමින් පවතී. දැඩි සත්කාර ඒකක ඇඳන්, බෙහෙත්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් ආදී සෑම දෙයක්ම හිඟය. මෘත ශරීරාගාරවල හා ආදාහනාගාරවල මළ මිනී ගොඩ ගසා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,071,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 69ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (24) පෙරවරු 6.00 වන විට 8331ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 120 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය (202) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.

Read More

මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරට රදවා සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා නිදහස් කිරීමෙන් පසුව , ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More

පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සිට සෞදි අරාබියට පැමිණීය සීමා කර ඇති බව සෞදි ගුවන් සේවා අධිකාරිය සිකුරාදා නිවේදනය කළේය.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 251 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වේ. සෙසු ආසාදිතයන් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කරන පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

නවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.

Read More

අගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.

Read More

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පනත අනුව පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.