කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පාස්කු ප‍්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අද (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreවැල්ලවාය සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් 19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා වැල්ලවාය, ඇතිලිවැව සහ වෙහෙරයාය නගර සීමාවන් සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රහතන්ගම ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශ බවට පත්කිරීමට අද (27) මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන ආරක්ෂණ කමිටුව තීරණයකර ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට්යේදී ලියාපදිංචි වී සිටි ලාංකිකයන් ගණන 9000ක් බවද තානාපති කාර්යාලය පැවැසීය.
Read Moreමාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොවිඩ් 19 ආසාදිත පාසල් සිසුන් 13 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසුරිය මහත්මිය පැවසුවාය.
Read Moreරාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreදැනට දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිත රැඳවියන් 260 දෙනෙකු හදුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.
Read Moreරාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.
Read Moreසමස්ත මුහුණම ආවරණය වන පරිදි පළදින බුර්කාව ඇතුළු ඒ හා සමාන දෑ භාවිත කිරිම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreමරදාන ඩී. ආර්. විජයවර්ධන මාවතේ සැපයුම් කොට්ඨාසය ගබඩා පාලක ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එම ගබඩාවේ නිදන ඇඳක් මත ඊයේ (26) හිටිහැටියේ මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
Read Moreපොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා කියයි.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ අද (27) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 19,532 ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 189 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට නියෝග කළාය.
Read Moreපවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළැඹෙන 30 දා තෙක් වසා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
Read Moreදියවන්නා ජලාශය ආශ්‍රිතව වාර්තා වී ඇති ඇල්ගී තීව්‍ර ලෙස වර්ධනය වීමට හේතුවෙඅධික ලෙස පෝශ්‍යකාරක ද්‍රව්‍යයන් ජලාශයට එක්වීම නිසා බව තහවුරු වී ඇතැයි විශේෂඥයින් විසින් අද දින (27) තහවුරු කරනු ලැබුහ.
Read Moreඅඹගමුව හා කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 1650 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
Read Moreකොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.
Read Moreපොළොන්නරුවේන් අද දින වනවිට හමුවු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇති බවත් දැනට හුදකලා කර ඇති හිගුරක්ගොඩ සිරිකෙත සහ කුමාරගම යන ගම්මාන වලින් පමණක් ආසාදිත රෝගින් 26 දෙනෙකු හදුනාගෙන ඇති බව පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.
Read Moreනව ඔක්සිජන් සිලින්ඩර් 400 අද ලැබීමට නීයමිත බවත් ඉන්දියාවේ මෙන් ඔක්සිජන් හිඟයක් ලංකාවේ ඇති නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (27දා) පැවසීය.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ කටුදම්පේ හා ඉඹුලගොඩ ග්‍රාම සේවා දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreචීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27දා) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreරත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27දා) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්‍යාලය කියයි.
Read Moreකොවිඩ් ආසාදිත වුවන් වැඩි වශයෙන් වාර්තා විම් ඊයේ දිනයේ සිදුවු අතර එම රෝගින් ගණන 997කි.
Read Moreඅවුරුදු සමය තුළ රිය අනතුරු 400කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් 52කු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කර තිබුණි. වාර්තා වී ඇති ප්‍රමාණය එසේ වුවද, වාර්තා නොවූ ප්‍රමාණය සැලකීමේදී මෙම සංඛ්‍යාව ඊටත් වඩා වැඩිය. අවුරුදු සමය තුළ පමණක් නොව, මේ වනවිට රට තුළ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වෙමින් පවතින බැවින්, මාර්ග අනතුරු අවම කර ගැනීම කෙරෙහි සියලුදෙනාගේම අවධානය යො
Read More