saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7028 hours ago

LATEST

උසස් පෙළ ප්‍රතිඵල සතියකින්

calendar_today 2021 අප්‍රේ 28 - 13:56 remove_red_eye - 339  

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

Read More

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවැත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සභාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂි් දෙවන මාත්‍රාව අද සිට සෞඛ්‍ය සේවකයින්ට ලබාදිමට තිරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාරිය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

නිසි මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පුරුදු පවත්වමින්, තමනුත්, තම වටපිටාවේ සිටින අයවත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසෙන්නේ නම්, වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මේ දිනවල විඳින ඒ දැඩි වෙහෙසකරබව හා ආතතිය දුරු කිරීමට ඔබද දායක වූ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Read More

දිවයින පුරා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයේ නව රැල්ලට එරෙහි සටනේදී චීනයේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටින බවත්, ඉන්දියාව අවම වශයෙන් ඔක්සිජන් උත්පාදක ඒකක 25,000ක් චීනයෙන් ඇනවුම් කර ඇති බවත් චීනය පවසයි.

Read More

IPL තරගවලට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු IPL තරුවලට එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ආපසු සිය රටට යාමට තමන්ගේම විධිවිධාන යොදාගන්නා ලෙසය.

Read More
අද කාලගුණය
28 04 2021 08:00:00
0 215

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ අද (28) දිනයේ තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

පාකිස්තානය තුළ ජනතාව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දක්වන දුර්වල අනුකූලතාව හේතුවෙන් එම මාර්ගෝපදේශ බලාත්මක කිරීමට පොලීසියට සහායවීම සඳහා හමුදා යෙදවිමට යයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාව අමතමින් කියා සිටියේ, රටේ දුප්පතුන්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා සම්පූර්ණ අගුලු දැමීම් වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය හැකි බවයි.

Read More

නේපාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අසල්වැසි ඉන්දියාව වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ කඩා වැටෙමින් පවතින වාතාවරණයක, කොවිඩ්-19 ආසාදිතයන්ගේද ශීඝ්‍ර වැඩිවීමකට නේපාලයද මුහුණ දී සිටින බවයි. එහිදී ලුම්බිනි පළාතේ මායිම් නගරය වන නේපාලගුන්ජ් කොවිඩ්-19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.

Read More

සැබෑ තත්ත්වය සැලකීමේදී ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව 13,000කට වඩා වැඩි විය හැකි බවත්, එය වර්තමාන දෛනික නිල මරණ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි බවත් නවදිල්ලියේ රෝග ගතික, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂ්මනාරායන් පවසයි.

Read More

ඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්‍රදෙශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මාතලේ ප්‍රදේශයේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය මෙසේ අද පෙරවරු 6.00 සිට හුදෙකලා කර තිබේ.

Read More

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිත අගයන් මෙන්ම, මරණ සංඛ්‍යාවද මීට වඩා වැඩිවිය හැකි බවට එරට මෙන්ම විදේශයන්හිද බොහෝ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආසාදන හා මරණ සත්‍ය අගයන් වාර්තා නොවන බව පවසමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 148,323,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැඩම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අද (27දා) වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1096ක් වාර්තා වන අතර එක් දිනකදි කොවිඩ් ආාදිතයන් 1000 සීමාව ඉක්වමා වාර්තා වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

Read More

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ.

Read More

පවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.

Read More

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද (27දා) පැවැති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වෙමින් මේ බව පැවැසීය.

Read More

ජැමෙයිකාවේ සිට පෞද්ගලික ත්‍යාග පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික පාර්සල් බෙදාහැරීම සිදු කරන ආයතනයක් වෙත ලැබී තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදදින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 147ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) ගෙවුණු පැය 24 කාලය වන විට 8826ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම වැඩිවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙන 14 බී වාට්ටුවෙහි සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 9 වනදා පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ශ්‍රේණි විභාගය අවලංගු කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 279 දෙනෙකු අද (27) දිනයේ පිටවගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.