saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6986 hours ago

LATEST

මාතලේ කොවිඩ් මරණ 19 දක්වා ඉහළට

calendar_today 2021 මැයි 07 - 21:10 remove_red_eye - 327  

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 19ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2349 දක්වා ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

නගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 792ක් වාර්තාවීමත් සමග අද දිනයේදී වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1889ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය”

Read More

ඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

කොවිඩ් ආසාදිතයින් 1097ක් අද දිනයේ හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 878 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 205ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 10.00 වන විට 6410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් වසංගතය යැයි පවසා රට වසාගෙන සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනකින් අනුමැතිය ලබාදීමට හැකිවෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ 07 දෙනෙකු අද (07) දා වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 1,895 දෙනෙකු ඊයේ (06) මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ඊයේ (06) දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 232 දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් වෛරසය ආසාදිත සංඛ්‍යාව 10,683 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන සංචාරකයන්ට විවෘත කරන සියලුම පාරිසරික සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි හා සියලුම සංචාරක බංගලා පවතින කොඩවි 19 වසංගත තත්ත්වය යටතේ නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා විවෘත නොකරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය නිරෝධායනය මාලදිවයිනේදී සම්පූර්ණ කිරීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවසයි.

Read More

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත.

Read More

දිවයින පුරා සියලුම පාසල් ,පෙර පාසල් ,විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් .පිරිස් ප්‍රකාශ කළේය.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබූ මළ සිරුරු 07ක් අද (07) කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

මෙරට ඉදිකෙරෙන 07වන අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

Read More

තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More

එන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.

Read More

බිළිදාගේ හා මව පියා හා මෙම බිළිදාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මුලික රෝහලෙන් ලබා ගෙන ඇති අතර එහි වාර්තාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 436ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක්ද සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2.5ක් පමණ වෙයි

Read More

මාතලේ වරකාමුර පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින්ගෙන් සිදු කරන ලද පිසිආර් පරික්ෂණවලදි සේවකයින් 30ට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වි ඇති හෙයින් එම කර්මාන්ත ශාලාව වසා දැමිමට පියවර ගත් බව උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

ඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.