saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7329 hours ago

LATEST

රෝගීන් දැඩි ලෙස පීඩාවට - හෙද වර්ජනය සාර්ථකලු

calendar_today 2021 ජුලි 01 - 16:39 remove_red_eye - 616  

සමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.

Read More

කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවධානම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තු පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සහකාර සාමාන්‍යධිකාරි සංජීව ලංකාප්‍රිය සමරනායක මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 270 ක් වාර්තාවිමත් 25,408 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි අලි සබ්‍රිගේ පනත හකුළා ගත යුතුයි

Read More

මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ති​බේ. එම බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 38 කු ඊයේ (30) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

Read More

නානුඔය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සගවා තිබු රසායනික පොහොර මිටි 129 ක් (30) දින තම භාරයට ගත් බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.

Read More

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුටවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා අප මත නිදහස් කර තිබේ.

Read More

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14 ක යොදවා ඇති මාර්ග බාධකවලදී ගතවු පැය 24 ක කාලය තුළ රථවාහන 3513 ක් හා පුද්ගලයින් 6541 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලීසිය පවසනවා.

Read More

ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර උළෙල අමතමින් බීජිං නුවරදී මෙම අදහස් කළේය.

Read More

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදුවී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.

Read More

පොඩ්ඩෝ වැරදි කළොත් ලොක්කන්ටත් වැඩ වරදී

Read More

හබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 60 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7403 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින වාර්තා වී ඇති 452 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වූ 94 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය .

Read More

රටේ ඉදිරියේදී මතුවිය හැකි කොවිඞ් ප‍්‍රභේද හරහා දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය හැකි නිසා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව වහාම ඊට සූදානම් වීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.

Read More

චීනය කොවිඩ්-19 ආසාදන රැල්ලෙන්ද වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත්, ගෝලීය වේදිකාව පිළිබඳ වඩාත් ස්ථීර ස්ථාවරයක් ගැනීමත් නිසා ෂී ජින්පිං මෙන්ම, චීනයේ කොමියුනිස්ට් පක්ෂය තවදුරටත් ඉහළට ගමන් කරමින් තිබේ.

Read More

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ති​බේ.

Read More

රජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වේ.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.