saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6966 hours ago

LATEST

අපොස උසස් පෙළ සමතුන්ට නිවේදනයක්

calendar_today 2021 මැයි 19 - 16:37 remove_red_eye - 4370  

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.

Read More

’’ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු’’ මැක්‍රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට දික්ඔය මුලික රෝහලේදී අද (19) දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනා ජුනි මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන්සි ලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්‍රදානය කිරිම අද දින (19) පෙරවරුවේ සිදු කෙරිනි.

Read More

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශය මැයි 23 වන දින අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ඊයේ (18දා) කොවිඩ් රෝගීන් කිසිවෙක් වාර්තා නොවූ දිස්ත්‍රික්ක දෙකක් පවතී. ඒ මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කයි.

Read More

21 වැනිදා රාත්‍රියේ සිට 25 වැනිදා අලුයම දක්වා, 25 වැනිදා රාත්‍රියේ සිට 28 වැනිදා අලුයම දක්වාත් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බවටත් මේ වන විට එම ප්‍රමාණය 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

පළාත් පාලන ආයතනවල කාන්තා සභිකයන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය හා හැසිරීම ප්‍රාථමික මට්ටමේ පවතින බවට නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ පිළිබඳව අද කළ විමසීමකදී ඖෂධ නිශ්පාදන, සැපයීම් හා නියාමන අමාත්‍යාංශයේ ලේකම් විජේකෝන් මහතා ප්‍රකාශ කළේ ඊයේ කැබිනට් මණ්ඩලය තුළ එම මාතෘකාව සාකච්ඡාවට ලක්කර එම එන්නත මෙරටදී නිශ්පාදනය කිරීමට තීරණය කර ඇති බවයි.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක තුළ අළුතින් ජාතික පාසල් 81ක් ආරම්භ කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (17) සඳහන් කළේය.

Read More

රටට ආදරය කරන, රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන, සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (19) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 27 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

තුල්හිරිය MAS කර්මාන්තශාලාවේ තුරුලි ආපනශාලවේ සේවය කළ 65 හැවරිදි තිදරු පියෙක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදය අද පාර්ලිමේන්තුවේදි ආරම්භ වේ.

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

වසංගතය අවසන් කිරීමට ඇති එකම ආරක්ෂිත හා ඵලදායී ක්‍රමය එන්නත්කරණය බව පැවසූ උතුරු මැසිඩෝනියානු ජනාධිපතිවරයා, නොපමාව සීනොෆාම් එන්නත් ලබාගැනීමට පැමිණෙන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 753 දෙනෙකු වන වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් 152 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.

Read More

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මාර්ග අනතුරු වළක්වා ගැනීමට පදිකයින් මෙන්ම වාහනවල ගමන් කරන අය සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

නිල මූලාශ්‍ර මත පදනම්ව මේ වනවිට ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති රට බවට චීනය පත්ව ඇති අතර, චීනය එන්නත් මාත්‍රා මිලියන 421.9ක් එරට ජනතාව වෙත ලබාදී තිබේ.

Read More

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904 ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම 2021 මැයි මස 19 දින සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය .

Read More

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ‍ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

Read More

ෂැවොලින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරිමට සහ තොරතුරු ලබාදිම සඳහා තොරතුරු ඒකකයක් ආරම්භ කිරිමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.