saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6937 hours ago

LATEST

සයිනොෆාම් මාත්‍රා මිලියන 3ක් ලබන සතියේදී දිවයිනට

calendar_today 2021 මැයි 20 - 10:09 remove_red_eye - 1107  

මීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක සේවය කළ 22 හැවිරිදි තරුණියක් කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය. බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.

Read More

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 281 දෙනෙකුගෙන් (19) දින සිදු කර රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි සේවකයින් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

රත්මලාන ප්‍රදේශයේ පිහිටි චීන ප්‍රධාන අවන්හලක සේවකයින් 9 දෙනෙකුටම කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව අද දින සවස ලද පී.සී. ආර්.වාර්ථා අනුව සනාතවීමෙන් අද දින සිට එම අවන්හල වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය

Read More

“මම ඔබව සැමවිටම සැලකුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම උපායමාර්ගික දේශපාලන මනසක් ඇති අයෙකු ලෙසයි. අවසාන අදියරේදී අපට වෙනස් මත තිබුණත් දේශපාලනය පසෙකට දැමූවිට ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙකු බව මම දැන නොසිටියෙමි.”

Read More

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සබා පනත් කෙටුම්පත අදාළ ජන්ද විමසිම අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි.

Read More

වයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

නිරෝධයන නීති උල්ළංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රීක්කයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.

Read More

චිනයේ අරමුදලින් පිහිටවු නීතිපති දෙපාර්තමේන්තුවේ විද්‍යුත් පුස්තකාලය ශ්‍රී ලංකාවේ චින නානාපතිවරයා විසින් අද විවෘත කර ඇති බව නීතිපතිවරයාගේ ප්‍රකාශිකාවන් සඳහන් කළාය.

Read More

ඉන්දියාව අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල රෝගීන් හා රෝහල්ගත කිරීම්වල කනස්සල්ලට පත්වන තත්ත්වයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

Read More

කොවිඩ් ව්‍යාප්තිය වැලැක්විමේ පියවරක් ලෙසට හෙට සිට නැවැත දැනුම් දෙනතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය කාර්යාල වසා දමා ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් වේ. මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන මෙය වේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ අරඹන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් දුන්නේය.

Read More

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.

Read More

කොවිඩ් - 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට හා ඇණවුම් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

Read More

අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වී ඇත. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවිමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More
1,222කට සුවයි
19 05 2021 18:00:00
0 145

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,222ක් සුවය ලබා නිවෙස් කරා අද (19) පිටව ගොස් තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 09 දෙනෙකු අද (19) දින දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

මෙම මාසය මුලදී ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් දින නවයක් තුළ අත්සන් 350,000ක් ලබාගෙන තිබූ අතර, ජපානයේ ප්‍රමුඛ ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙම ක්‍රීඩා උළෙල සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස නම් කර තිබුණි.

Read More

කහගොල්ල කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා අද (19දා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිළිඳා මියගොස් ඇතැයි දියතලාව මූලික රෝහල් ආරංචිමාර්ග පවසයි.

Read More

මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවා ඇත.

Read More

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.

Read More

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.

Read More

’’ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු’’ මැක්‍රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට දික්ඔය මුලික රෝහලේදී අද (19) දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.