saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7043 hours ago

LATEST

ත්‍රිවිධ හමුදාවේ පිරිසකගේ හිඟ වැටුප් ගෙවන්න රු බිලියන 3ක්

calendar_today 2021 ජුනි 06 - 11:26 remove_red_eye - 666  

ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව එකී දුබලතා ප්‍රතිශතය සියයට 50ට අඩුවීම හේතුවෙන් ප්‍රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයින් වෙත හිග වැටුප් ගෙවීම සදහා වන යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

බදුල්ල කයිලගොඩ වැඩිහිටි නිවාසයේ කෝවිඩ් ආසාදිත නේවාසික වැඩිහිටියන් අටදෙනකු ඊයේ (5) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසන්නේ, බිලියන 10ක් ගස් සිටුවීමේ ඉලක්කයේ කොටසක් ලෙස දැනටමත් ගස් හා කඩොලාන බිලියනයක් රෝපණය කරමින් පාකිස්තාන රජය වනාන්තර පුළුල් කිරීමට හා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී උත්සාහයක සිටින බවය. පසුගිය දශකය තුළ පාකිස්තානයේ කඩොලාන ආවරණය 300%කින් ඉහළ ගියේ, එවැනි වර්ධනීය කඩොලාන ආවරණයක් සහිත ලොව එකම රට බවට පත්වෙමිනි.

Read More

කොවිඩ් 19 ආසාධිතයවී බදුල්ල මහ රෝහලට ඇතුලත් වූ රෝගීන් 50 දෙනෙක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ජුනිමස 6 වැනිදා දක්වා කාලය තුළ මියගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වෙයි .

Read More

පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 3 බැගින් වීවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව තත්ත්පරයට ඝන අඩි 10500ක ජල ධාරිතාවක් දැදුරු ඔයට නිකුත් කරමින් පවතින බවත් ඔය දෙපස ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත නේවාසික රැදවියන් 45දෙනෙකු අද (6) වනවිට හමුවීඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය .

Read More

රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 23 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා රෙකෝඩරය (VDR) යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සංචරණ සීමා ක්‍රියාත්මක කළ දිනයේ සිට පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.ඩ

Read More

සංචරණ සිමා බල පැවැත්වෙන කාලසිමාව තුළදි කොළඹ නගරයට ඇතුළු විමට මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සිමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක් හදුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

’’ලබන වසර අවසන් වනවිට ලොවටම එන්නත් කිරීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇති’’ බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ’’මේ භයානක වසංගතය අවසන් කිරීම සඳහා අප හා එක්වන ලෙස මම මගේ සෙසු G7 නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් අහිමි වූ විනාශය නැවත සිදුවීමට අපි කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුයි.’’

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිරිස 995ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

අද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමටද එම වැරැද්ද හේතු වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමින් , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය රෝග පාලනය හා සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවටපත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.