saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 6952 hours ago

LATEST

චන්දිමාල්ගේ සාදය ගැන පරීක්ෂණ වෙනත් අතකට

calendar_today 2021 ජුනි 04 - 09:01 remove_red_eye - 4521  

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ප්‍රකට නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු පිරිස පැවැත්වූ උපන්දින සාදය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් කොළඹ කොටුව පොලීසිය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙක් වෙන ජේ.ඩී.එස්. රසික ජයකොඩි මහතා ඩිරාම් මිලියන 15ක (රුපියල් මිලියන 812ක් පමණ) ලොතරැයි ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

Read More

කෝවිඩ් 19ආසාදිත හාලිඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (3) හදුනාගනු ලැබීමත් සමඟ මේ වනවිට හාලිඇල පොලිසියේ නිලධාරීන් 16කට කෝවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

Read More

අන්තර්ගතය පාලනය කිරීමේ නීතිරීතිවලින් දේශපාලඥයන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අවසන් කිරීමට ෆේස්බුක් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

Read More

නිරෝධායන නීති කඩ කළ 886 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.

Read More

ගිංගගේ සහ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ්‍රිතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 642ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉන්දියාව කොවිඩ්-19 මරණ 338,000ක සීමාවට පැමිණීම තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත්කරණය මන්දගාමී වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය. ’’මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්.’’ කොංග්‍රසය කියා සිටියි.

Read More

එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම මිස, රජ‍යේ මුදල් හිඟතාවයක් නොමැති බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 642 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,264ක් වෙයි.

Read More

මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.

Read More

ගිනිගැනිමෙන් පසු මුහුදුබත් වු එම්.වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වි ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගලවා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට අපේක්ෂා කරන බව වෙළෙද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න සඳහන් කළේය.

Read More

පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණක් සංචිත ගතකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත.

Read More

රට තුළ ලුණු අතිරික්තයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළ 06/03 දින කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.

Read More

දීර්ඝ කෙරුණු සංචරණ සීමා කාලය අතරතුර සීමා ලිහිල් කිරීමේ දිනයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යන බවට පැතිර යන වාර්තා අසත්‍යක් බවත් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ඛනිජ තෙල් සංස්ථාව හරහා ගෙන එන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 152ක් හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4435 දක්වා ඉහල ගොස් ඇති බවත් සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 53ක් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.