saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6793 hours ago

LATEST

පැය 24ක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 488ක්

calendar_today 2021 ජුනි 23 - 12:38 remove_red_eye - 217  

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අ (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදි බවත් ඔහු පැවැසීය.

Read More

ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දුෂ්කර සඑහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඹන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවිමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදි ගැනිමට ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

තෙල් මිල වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමට විරෝධය දක්වමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තළ විරෝධයක් දැක්වීය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසහටන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 144,860කට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය

Read More

දෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියි. මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ​ය.

Read More

දෙහිවල , නැදිමාල , රබර්වත්ත පාර සුපිරි දෙමහල් නිවසේ පවත්වා ගන යනු ලැබූ මහා පරිමාණ ඖෂධ ගබඩාවේ තිබූ කල් ඉකුත්වූ හා ව්‍යාජ ලේබල් ඇලවූ රුපියල් කෝටි එක හමාරකට අධික වටිනා ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව නීති විරෝධි බැවින් එම ඖෂධ සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඊයේ දින ගබඩා කරනු ලැබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය .

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.

Read More

වත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වෙයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.

Read More

ගෙවුණු පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 433ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ගර්භනි මවුවරුන්ගේ එන්නත් ලබාදිම අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

Read More

දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගී තහනම තවත් සති 5කින් එනම් එළැඹෙන ජුලි 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

’’මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා.’’ ඩුටර්ටේ පැවසීය. ’’පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් පසුවෙන්නේ.’’ එන්නත් ලබාගැනීමේදී ජනතා සහභාගීත්වය අඩුවීම ගැන රූපවාහිනී දේශනයක අදහස් දක්වමින් පිලිපීන නායකයා පැවසීය.

Read More

අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියල් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය සමත්වී තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නීති විරෝධි මත්දව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධි ජාවාරම් මැඩපැවැත්විම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරි ඇති ආරක්ෂක සේනා මුලස්ථාන වෙත දැනුම් දි ඇති බව යුද හමුදාව පවසයි.

Read More

මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි. ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිදු අයුරකින් සිදුවිය හැකි දෙයක් නොවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Read More

අද දිනට මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් 1,320 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

හැටන් දිඹුල පතන පොලිසියේ තවත් පොලිස් නිලධාරින් 04 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (21 ,22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.