saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 6788 hours ago

LATEST

ආසාදිතයින් 1,245ක්

calendar_today 2021 ජුනි 27 - 18:13 remove_red_eye - 157  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,245 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

හෙට ( 28) දින සිට දුම්රිය ගමන්වාර 70ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .

Read More

කුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා සිටි රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිරකරුවන් සිවු දෙනෙකු පළාගොස් තිබේ.

Read More

රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද දිනයේ පිටව ගොස් ඇ​ත.

Read More

වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින බස්නාහිර පළාතේ විවෘත කර තිබූ අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා, පිහිණුම් තටාක සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුලු ස්ථාන 313ක් පොලිසිය විසින් වටලා ති​බේ.

Read More

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදිම හෙට (28) සිට සිදු කරන බව කොළඹ මහනගර සභාව පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 468 දෙනෙකු හමුව ඇති බවත් මින් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

රජයේ සංචරණ සීමාවලට යටත්ව හෙට (28දා) සිට නැවතත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම සඳහා විවෘත කර තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු තරුණයෙක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය සඳහන් කර සිටියි. ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.

Read More

ඊයේ දිනය වන විට කොවිඩ් මාත්‍රා ඒන්නත් මාත්‍රා 3,453,960ක් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

සීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුරුණෑගල ප්‍රා දේශීය කාර්යාල විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. එසේම ඊයේ දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය.

Read More

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ති​බේ.

Read More

සීනි ආනයන බලපත‍්‍ර නිකුත් නොකිරිමට රජය තීරණය කළේ ඉදිරි මාස හය හතකට අවශ්‍ය සීනි තොග පුද්ගලික ආනයනකරුවන් විසින් ගෙනවිත් රැස්කර තබාගෙන සිටින නිසා බදු පැනවීමක් කළහොත් පාරිභෝගිකයා සූරාකෑම වැළැක්වීමට යැයි අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා ඊයේ (26දා) පැවසීය.

Read More

එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර ති​බේ.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.

Read More

දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 65 කු ඊයේ (26) දින පස්වරු 4.00 වනවිට වාර්තාවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7141 ක් දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවනයට මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නැත. කෙසේ වෙතත් පළාත් තුළ ධාවනය කරන බස් සහ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට (28) සිට වැඩි කිරීමට තීරණය කර තිබේ.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

Read More

වදහිංසාවට ලක්වූ පුද්ගලයන් දේවලය පවත්වාගෙන යන 30 හැවැරිදි පුද්ගලයාගේ මිත්‍රයින් වන අතර ඔවුන්ව තම නිවසට කැඳවා පසුව අම්පිටිය ප්‍ර දේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට ඔවුන්ව ලී කොටවල තබා ඇණ ගසා තිබේ.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

රට තුළ පවතින වාතාවරණය අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර ලබාදිමට තවදුරටත් හැකියාවක් නොමැති බවට කොවිඩ් මර්දන කමිටුව දන්වා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් සිය කාර්යාලයේ සහායිකාවක සිප වැලඳ ගැනීමේ ඡායාරූපයක් එරට පුවත්පතක පළවීමෙන් පසුව, තමා කොවිඩ්-19 මඟපෙන්වීම කඩකළ බව පිළිගනිමින් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.

Read More

ගර්භනී මවුවරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.