saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7183 hours ago

LATEST

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

calendar_today 2021 සැප් 30 - 17:20 remove_red_eye - 1614  

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය බදාදා (06) පැවැත්වීමට නියමිත සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ දේශීය තෙල් හා වායු ගවේෂණ සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමණාකරණය කිරීම අර්ථ නිරූපනය කිරීම, නියමිත පරිදි සිදුවනු ඇත.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.‍

Read More

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Read More

ඔන්ලයින් පාඩම් නොකළ නිසා පියා විසින් කොසු මිටකින් පහරදිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු අද (30) අළුයම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය කියයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්ට එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබාගැනිමේ ක්‍රියාවලිය හරහා දැවැන්ත දුෂණයක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පැය දෙකහාමාරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගොස් ඇත.

Read More

සුදු සීනි ආනයනය සඳහා අද සිට යළි අවසර ලබා දීමට ආනයන අපනයන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ධිවර අමාත්‍යාංශයට අයත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව ඇති ධීවර වරායන් 22තුළ පෞද්ගලික ආයෝජකයින්ට සිය ආයෝජන ආරම්භ කිරීම සදහා අයදුම්පත් කැදවා ඔවුන්ගේ 591ක අතුරින් තෝරාගත් ආයෝජනකයින් 09 දෙනෙකුට ආයෝජන අභිලාෂ පත්‍ර ප්‍රධානය කිරීම අද (30දා) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් ඊයේ පස්වරුවේ (29) පැවසීය.

Read More

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිපල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.

Read More

පසුගිය දිනයක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම ගැන පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බවය.

Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබේ. ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.

Read More

නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෙට (01) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

Read More

ඉදිරි සතියේ ඔක්තෝම්බර් මස 4 සිට 8 දක්වා සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්විමට තිරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

Read More

මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.

Read More

[LONG READS] අල් කයිඩා සංවිධානය එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2001 සැප්තැම්බර් 09වැනිදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ අහමඩ් ෂා මසූඩ් ඝාතනය කළේය. ඔහු ඝාතනය කිරීමට නියෝග කළේ කවුද? දින දෙකකට පසු එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා වූ ඔසාමා බින් ලාඩන්ය.

Read More

රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාවන් දිගු කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රාා ලක්ෂ 4ක් අද (30දා) දින උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් , කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

Read More

සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රය අහෝසි කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

Read More

මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලිමක් කරයි.

Read More

කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

Read More

සහල් අර්බුදය විසඳීම පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට භාර දුන්නේ නම් වත්මන් ආණ්ඩුවට වඩා හොඳින් එය ඔවුන් විසඳීමට අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) රජයට චෝදනා කරමින් සඳහන් කළේය.

Read More

අද (30) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදුන්නොත් රටපුරා විරෝධතා වැඩසටහන් පවත්වමින් ගුරු විදුහල්පති අරගලය නව ප‍්‍රවේශයකින් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (29 ) පැවසීය.

Read More

චැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.

Read More

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණද පෙර පරිදි දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සිමාව තවදුරටත් තිරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

Read More

ඔක්තෝම්බර් සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.