saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6551 hours ago

LATEST

SLC Greys කණ්ඩායමට තියුණු ජයක්

calendar_today 2021 අගෝ 13 - 19:00 remove_red_eye - 755  

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී ති​බේ. ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

Read More

කොබෙයිගනේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 100 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

සැප්තැම්බර් 15 දා සිට පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඇගේ දෙමවුපියන්වෙත සිරුර භාර දීම අද සිදු කෙරුණා.

Read More

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත ලබන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

Read More

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ ඔහු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවය. මේ පිළිබඳව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් තහවුරු කර තිබේ.

Read More

අපි සෑම කෙනෙකුටම බලපාන ප්‍රශ්න රට තුළ උද්ගතවෙලා තිබෙනවා. යන ගමන් මාර්ගය ඒ අය වෙනස් කරන්නේ නැත්නම් අපිට වෙන විකල්ප වැඩ පිළිවෙලවල්වලට සංවිධානය වෙන්න වෙයි ආගමික නායකයන් හා ජාතික නායකයන් වශයෙන්.

Read More

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

Read More

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සියළුම වෘත්තිකයින්හට වෘත්තීය පුහුණුව ලබාදෙනු ලබන්නේ හෙද විදුහල් හා පුහුණු ආයතන සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන පුහුණු ආයතන මගිනි.

Read More

සියලුම පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්ෂන කමිටු පිහිටුවිමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබේ.

Read More

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.

Read More

කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 3039 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

Read More

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

හෙට (14)පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Read More

“අද රාත්‍රියේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමත් සමඟම සෙංකඩගල ඇසළ පෙරහැර ආරම්භය සනිටුහන් වේ. ශ්‍රී ලාංකික බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන්නාවූ උතුම් දළදා වහන්සේගේ ආනුභාවයෙන් මුළුමහත් ලෝකවාසී ජනතාව ම ව්‍යසනයෙන් ආරක්ෂා වේවා යි මම පතමි.”

Read More

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.

Read More

සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (13) වීදී සංචාරය කරයි.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පවතින තත්ත්වය සොයා බැලීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි විය.

Read More

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ඉහළයාම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇ​ත. මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර ඇත. පළමු අදියරේදී ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 20 ක් සහිත ටැංකි 06 ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Read More

පවතින කොවිඩ් වයිරසය පැතිර යාමත් සමග මාතලේ පලාපත්වල නගරය සහ මඩවල උල්පත නගරවල කඩසාප්පු ඇතුලු සියලු වෙළදසැල් සවේඡාවෙන් වෙළදසැල් හිමියන් විසින්ම අද (13දා) සිට 18 දින දක්වා වසා දැමිමට පියවර ගත්හ.

Read More

එළඹෙන සඳුදා (16) සිට විෂන් එ‍ෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ විකාශනය කරන බව ජන මාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මරණ වාර්තා වන්නේ නම් දෙසැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12612ක් දක්වා වර්ධනය විය හැකි බව ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලට අනුබද්ධ IHME ආයතය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 යි 20 තරඟ තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි සංචිතයන් නම් කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.