යුරෝ මුදල් මිලියනයක් වටිනා බව කියන ව්‍යාජ නෝට්ටුවක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
ඒ අනුව දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමගට හැරෙන හංදිය අසලදී මෙම වැටලීම සිදු කෙරුණා. යුරෝ මිලියනයක වටිනාකමක් ඇති බව පවසමින් ව්‍යාජ ආකාරයෙන් සකස් කරන ලද අනුරුවක් සන්තකයේ තබා ගැනීම සහ එය වංචනික ලෙස ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට තැත්කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොටුගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාර කාන්තාව වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන්නියක්. සැකකරුවන් සහ ව්‍යාජ නෝට්ටුව වැඩිදුර පරීක්ෂණ සදහා දෙමටගොඩ පොලිසියට භාර දී තිබෙනවා.