ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
වසංගතයේ උග්‍ර අවධිය 2022 දී අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා මුත්, එය රඳා පවතින්නේ එන්නත් සම්බන්ධයෙන් වැරදි තොරතුරු පැතිරීමට එරෙහිව සටන් කිරීම සහ ලබන වසරේ මැද භාගය වනවිට සියලුම ජාතීන් තුළ 70%ක එන්නත් අනුපාතයක් ලබා ගැනීමෙන් එන්නත් අසමානතාව අවසන් කිරීම මත පමණක් බව අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කිලෝමිටර් 300ක පමණ දුරකින් භූ කම්පනයක් ඇතිව තිබෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. රික්ටර් මාපාංකයේ 4.3ක පමණ ප්‍රභලත්වයකින් යුතුව මෙම භූමිකම්පාව ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැත.
Read Moreඅවම බස් ගාස්තු රුපියල් තුනකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. පෞද්ගලික බස් සංගම් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.
Read More2020 දී ඩොලර් බිලියන 100ක් ඉක්මවූ චීනයේ ආහාර ආනයන වෙළෙඳ පොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම වසරේ එය 20%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
Read Moreඅපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා.
Read Moreබ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ, ’’මෙය ජාතික මෙහෙවරක් වන අතර, අප සැමට ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙනවා. එබැවින් ඔබේ කමිස අත් උඩට අකුළාගෙන, හැකි ඉක්මනින් ඔබේ ආරක්ෂාව ලබා ගන්න.’’ යනුවෙනි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනම ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විස්සයි20 හිමි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.
Read Moreදින දෙකක නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ඒ අනුව ජනවාරි 08 දා ඔහු දිවයිනට පැමිණෙනු ඇත.
Read Moreප්‍රංශ රජය විසින් ජනවාරි අවසානය දක්වා සුපිරි වෙළඳසැල්වල ඇන්ටිජන් කට්ටල විකිණීමට අවසර ලබාදෙන ලදී. ප්‍රංශ අගමැතිවරයා සියලුම දැඩි සත්කාර වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාසිකව යුරෝ 100ක ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කළේය.
Read Moreපිලියන්දල ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පැදවූ ජීප් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇත.
Read Moreඑක්සත් ජනපදයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා සඳුදා වනවිට දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 510,000කට වඩා වාර්තාගත ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති අතර, එය රට තුළ වසංගතය ආරම්භ වූ දින සිට ඉහළම දෛනික ඉහළ යෑමයි.
Read MoreGN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.
Read Moreහඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට සිදුවූ ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන අංශ විමර්ශන ආරම්භ කර තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ චීනයෙන් ලබාගත් සිනෝෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.
Read Moreරබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමන ලද ආයුධ රැසක් ගොඩ ගෙන අද (29) දිනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreදිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව පවසන තෙල්දෙණිය පොලිසිය එම ගල් ප්‍රහාරය හේතුවෙන් එම බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.
Read Moreඅසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ මහතා පවසයි.
Read Moreඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක්ව පැවැති ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් දක්වා ඉහළ නැංවීමට හේතුව වී ඇත්තේ චීනයෙන් ලැබුණ ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකම බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreඅද (29දා) වන විට ශ්‍රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.ෙ
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.
Read Moreබංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 මූල්‍ය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකාව තවත් අමතර මාස තුනක සහන කාලයක් ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා මහත්මිය එකඟ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreමම කවදාවත් එයාපෝට් එකේ ගිහින් වී ගබඩා කරන්නේ නෑ. ඒ සංකල්පය මගේ නෑ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ මාව විනාශ කරන්න. ඇත්තම කථාව. පැහැදිලිවම ගුවන් තොටුපොළ අපේ ප්‍ර දේශයට ලැබුණ සම්පතක්. රස්සා බිහිකරන ගුවන් තොටුපොළක් බවට අපි පත්කරනවා.
Read Moreමීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03ක් පමණක් බවත් මාස 6කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බවත් ’අදට; වාර්තා වෙයි.
Read Moreපළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇත.
Read Moreඅපි රටට වරදක් කරලා නෑ. රටට ආදරය කිරීම වරදක් කියලා හිතන්නේ නෑ. ඒ වගේම වරදක් නොකළ නිසා ඉල්ලා අස්වීමේ උවමනාවක් අපි දකින්නේ නෑ. අපි වරදක් කළානම් තමයි අපි ඉල්ලා අස්වෙන්න ඕන. හැබැයි කවුරුහරි හිතනවානම් අපි වරදක් කළා කියලා අපිව ඉවත් කිරීම පිළිබඳව ජනපතිතුමා තීරණයක් ගැනීම පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.
Read Moreශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස යළිත් වරක් සුරේෂ් සුබ්‍රමනියම් මහතා එහි නිලවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 2022-2026 කාලය තුළදී යළිත් ඔහු ඔලිම්පික් කමිටු සභාපති වශයෙන් කටයුතු කරනු ඇත.
Read Moreචීන ගගනගාමීන් අනතුරට ලක් කරමින්, අභ්‍යවකාශ ගිවිසුම් යටතේ එක්සත් ජනපදය සිය වගකීම් නොසලකා හරින බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.
Read Moreමයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන බෙල්ජියම් ජාතික අවුරුදු දහනවයක් වයසැති සාරා රදර්ෆර්ඩ්(Zara Rutherford) මෙනවිය අද (28දා) දහවල් එකහමාරට පමණ රත්මලාන ගුවන් තොටුපලට පැමිණියාය.
Read More