ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින්අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
Read Moreකෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි බන්ධනාගාර රැදවියෙකු එයින් පළා යාමට ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි පහරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.
Read Moreබදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හෙල හල්පේදී ඊයේ (7දා) සවස සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ මහා මාර්ග කම්කරුවෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreඉදිරියට පැමිණෙන රාමසාන් උත්සව කාලය හේතුවෙන් රට ආනයනය කිරීම වෙනුවෙන් අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හදුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.
Read More’’රටේ බහුතරයක් ජනතාව මෙම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආර්ථිකය බිඳ වැටිලා. බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග ඇහිරිළා. සමහරුන්ට ආර්ථික අර්බුදයත් එක්ක රැකියා අහිමි වෙලා. නැවතත් ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක පවතින හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වාගේ මැතිවරණ පැවැත්වීමෙන් විතරක් විසඳුම් සොයන්න බැහැ.’’
Read Moreලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.
Read Moreකල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අප්‍රේල් 25 සුදුසු දිනයක් බව මැතිවරණ කොමිෂම තිරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ ගැටලු හේතුවෙන් එම මැතිවරණය කල් දැමිමට සිදුවිය.
Read Moreමෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍ර දේශයේදී මහනුවර සිට කොළඹට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුව සිට මහනුවරට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මුහුණ මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
Read Moreවවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07දා) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි.
Read Moreත්‍රීරෝද රථ සොරකම් වලට සම්බන්ධ පස් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය.
Read Moreහැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් දික්ඔය වනරාජා වත්තේ මැණික් වත්ත කොටස ඇතුළු වතු ගණනාවක විදුලි පාරිභෝගිකයන්ට සිව් මසක් තිස්සේ මාසික විදුලි බිල්පත් නිකුත් නොකිරිමෙන් එම විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreතඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි
Read Moreඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ’’ ලෝක නිරූපණ ශිල්පිනී - 2023 ( Top Model Of The World - 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreමැතිවරණයක් පවත්වන්නේ රට ස්ථාවර වූ පසුබ බවත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ රජයේ වැඩසටහනට එක්වන ලෙසට විපක්ෂයට ආරාධනා කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය එකඟතාව දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.03.07 දින පැවසිය.
Read Moreකෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.
Read Moreලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.
Read Moreහෙයියන්තුඩුව පුදේශයේ ගබඩා අංගනයකින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වාහන අමතර කොටස් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සපුගස්කන්ද පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreලෝක ප්‍රකට සංචාරක පුරවරයක් වන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරයේ පොදු වැසිකිලියක් , පානීය ජල කරාමයක් හා මළ අපද්‍රව්‍ය පවාහන කානු පද්ධතියක් නොමැති බව පැවසුවහොත් ඔබත් පුදුම වේවි .
Read Moreහුංගම ප්‍ර දේශයේ කහමෝදර මාදැල් වරාය ප්‍ර දේශයේ කලපුවක බැස දිය නාමින් සිටි 47 හැවැරිදි රුසියානු ජාතිකයෙක් දියේ ගාලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
Read Moreවසරේ ගතවූ කාලය තුළ පැවැති උද්ඝෝෂණ හා විරෝධතා නිසා පෞද්ගලික බස් රථවලට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 500කට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Read More