සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බවත් හෙට දිනයේදී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිිහිටා ඇති අරංගල පර්වථය ආශ්‍රීත සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා වු මුලික නිරික්ෂණ කටයුතු පසුගිය දා (04) සිදු කෙරිනි.
Read Moreකිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගවයින්ට වැළඳී ඇති වසූරිය තත්වය වේගයෙන් පැතිරෙන බවත් එය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් පශුසම්පත් නිලධාරීන් පවසයි
Read Moreවැලිමඩ අධ්‍යාපන කළාපයේ කැප්පෙටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු තම පාසලේ රූමත් සිසුවියන්ට දීර්ඝ කාලයක් තිස්සේ රාත්‍රි කාලයේදි වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම් සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි මත විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreකටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපනශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයකට අවශ්‍යව සිටි ’’බුරු මුනා’’ නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවල අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreවිවිවාහ මංගල්‍යදා තම හොඳම මිතුරා ගේ දෙපා වැද මින් මතු කිසිම දිනක තම නිවසට පැමිණෙමින් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බල ප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තාවිය.
Read Moreඌරගස්මංහන්දිය මහ ඌරගහ පරුස්සගොඩ පදේශයේදී ඊයේ (5) පසවරුවේදී භාර්යාව අනියම් සම්බන්ධතාවක් පවත්වනවා යයි ඇතිවූ සැකය මත සැමියා විසින් සිය කුරුදු කපන කැත්තකින් භාර්යාවගේ ගෙල කපා ඝාතනය කොට ඇතැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
Read Moreපානදුර, පින්වත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී ජීප් රථයක් තුල කෝටිපති ව්‍යාපාරිකයකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග ඊයේ (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මහනුවර වැවට පෙරළීම හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයා සුළු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
Read Moreමහනුවර නගරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මූලස්ථානය වශයෙන් සැලකෙන මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිරිපිට බ්‍රෙසියර් වත්ත වශයෙන් හඳුන්වනු ලබන ස්ථානය වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
Read Moreබියගම නව නුවර පාරේ පිහිටා තිබෙන බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ රුපියල් කෝටි පහක පමණ මුදලක් වැය කොට ඉදි කිරීමට යෝජිත දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේගේ පිළිමය නෙළීම සදහා රන් ගඩොල් ඇතිරීම හා එම භුමියේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම අද (5දා) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.
Read Moreඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන වැඩි ඉන්දියානුවන් පිරිසකට එම මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ඉඩ ලැබෙන බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
Read Moreයුධ හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර් වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබළුකු සන්තකේ තිබූ ටි 56 ගිනි අවිය සහ උන්ඩ 120 ක් අඩංගු මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි
Read Moreරජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreඉතාලි ජාතික තරුණියකගේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා (175,000) ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සොරකම් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර දහයකට අත්හිටුවීමටපියවර ගෙන රුපියල් 1500කදඩයක් ද නියම කොටසොරකම් කරන ලද ජංගම දුරකතනය නැවතත් එම ඉතාලි ජාතික තරුණියටභාර දෙන ලෙස නියෝග කළේය .
Read Moreගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් නිකුත් කිරිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreඇල්ල ඔඩෙසි දුම්රිය සීතාවක ඔඩෙසි දුම්රිය පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වසර මෙරටට චීනයේ සියැංජින් ෂපාරී උද්‍යානයෙන් ගෙන්වනු ලැබූ රොබින් හා කෙල්ල යන යුවලට ද්‍රාව 2022 මාර්තු මස 05 වන දින සත්වෝද්‍යානය තුළදී උපත ලද අකිරා, ඩියෝ , ඩූමා යන බෙන්ගාලි ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දින සැමරුම අද (05ද)ා වන දින සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ.
Read Moreදුම්රිය රියදුරෙක් ලෙස වසර 38 ක් සේවය කළ හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා ඊයේ (4) දා විශ්‍රාම ලැබූ අතර අවසන් වරට දුම්රිය ධාවනය පෙර ඔහු දුම්රියට වැඳ නමස්කාර කළේය.
Read More14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.
Read Moreමේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.
Read More’’ ස්ථිර පදිංචියට හෝ දීර්ඝ කාලයකටවත් රට යෑමේ කිසිම සූදානමක් නෑ. මමත් මගේ පවුලේ අයත් ලංකාවේ සිටිනවා. රට යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.’’ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreකොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා වන ශාම් කුමාර් කටයුතු කර තිබුණි.
Read Moreඋමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයතු මේ වන විට 97 % කින් අවසන් කර ඇති අතර ලබන ජුනි මස වන විට එය ජනතා අයිතියට පත්කළහැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය .
Read Moreඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .
Read Moreවරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.
Read Moreඅධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් ඒ අනුව වියදම් පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
Read Moreගෑස් මිල සූත්‍රය අනුව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල අඩුවනවාද වැඩිවනවාදය යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.
Read More