සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
’’පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්.නමුත් මඩගහන එකට අපි විරුද්ධයි.ඔප්පුකිරීමට නොහැකි දේවල් ප්‍රකාශකරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා.ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි.කිසිවිටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩිවිශ්වාසයක් තිබෙනවා.ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලුම ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට පියවරගන්නා බව සක්සුදක්සේ පැහැදිලි’’
Read Moreනිල හිස් වැසුම් අතේ රඳවා ගෙන යාම සහ ආචාර නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙන පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනකුට දෙනෝ දහසක් දෙනා බලා සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පානදුර නගර මධ්‍යයේදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිව විමර්ශනය පැවැත්වෙන්නේ ද? යන්න සොයා බලා පවසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ගම්පහ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreචීනයේ ප්‍රධානම සමාගම් ද්විත්වයක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.
Read Moreගැටුමක් හේතුවෙන් තුවාල ලබා පලා යමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී පකිස්ථානයේ නිශ්පාදිත එම්. පි 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගත් බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා ප්‍රකාශ කළහ.
Read Moreපොල්ගස්ඕවිට හල්පිට බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් රුපියල් ලක්ෂ 12ක රන් භාණ්ඩ සොරා ගත් කාන්තාව සහ ඒවා උකස් කළ බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍ර මාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ පැවති අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
Read Moreමිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreමෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කන්දේ නිධන් හාරමින් සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreවිදෙස් ගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු් ඩොලර් මිලියන 407.4ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේඋපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
Read Moreවැල්ලවාය සහ මට්ටක්කුලිය මහේස්ත්‍රාත් අධිකරණ වල විභාග වන නඩුවලට සහභාගී නොවී උසාවිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුගේ උදව්කරු වැල්ලවාය පොලීසිය මඟින් ඉකුත් (10) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 285ක ඉලක්කයක් හඹා යමින් සිටින සත්කාරක නවසිලන්ත කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.
Read Moreවී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read Moreනරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read Moreමෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreබගවන්තලාව ප්‍රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
Read Moreඅලවතුගොඩ ඇල්ලේකඩේ ප්‍රදෙශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවක් ඝාතනය කර වෙල් යායක මඩ ගොහොරුවක එබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිල සුනඛයෙකුගේ සහායෙන් එක් පුද්ගලයෙකු සැක පිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
Read Moreනවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.
Read Moreඅම්බලන්තොට රිදියගම 09 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreඉන්ධන භාවිතයේ කැපී පෙනන අඩුවක් සිදුව තිබෙන බව ඇමති කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක් අනුව පෙනෙන්ට තිබේ. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසය හා මේ වසරේ ජනවාරි මාසය සසදන විට එම අඩුවීම පෙනෙයි.
Read Moreනිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලින කිරිම ඉරිදා දනයේ සිට අඟහරුවාදා දිනයට මාරු කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මසකට රුපියල් මිලියන 30ක පමණ ඉතිරියක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreවිදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි වෘත්තීය සමිති සමග ඇතිකරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස 03/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read More