2022-2023 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.
හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .
Read Moreමෙවර යල කන්නයේ දී ගොවිජනතාවට යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.
Read Moreශ්‍රී ලංකාව පුරා වාසය කරන තරුණ තරුණියන්ගෙන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු 05/05 දින කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මාස කිහපයකට පසුව කොවිඩ් ආසාදිතයන් 10 සීමාව ඉක්මවා වාර්තා විය. එම ආසාදිතයන් සංඛ්‍යව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672 207ක් දක්වා ඉහළ ගියේය.
Read Moreදින හතරක් පමණ වයසැති බිළිදෙක් කෘරත්වයට පත්කර අතහැර දමා ගිය සැකකාර මවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreකොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම දෙකයි තිහට2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
Read Moreතද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබේ.
Read Moreප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04දා) අභාවප්‍රාප්ත විය.
Read Moreඅයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්ව තිබේ.
Read Moreයාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙන්වා දෙයි.
Read Moreඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.
Read Moreකාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරිවරයෙක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ ( 3දා) වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
Read Moreජනතාවට සවන් දෙමින් උසස්‍පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්‍ෂා කිරිමට කටයුතු කරන බව විශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. කොළඹදි පැවැති මාධ‍්‍ය හමුවකචදී ඔවුන් මේ බව පැවැසිය. කෙසේ වෙතත් වෘත්තිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreමැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Read Moreඅයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකරන බව වුවද මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වී ඇති අතර එය විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පූර්ව කොන්දේසියක් බවටද පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreජාපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම හා විස්සයි20 තරග පහකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නැගී ඒන ක්‍රිකට් කණ්ඩායම ජපානෙය් සංචාරයකට ඒක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreජනපති රනිල් වික්රවමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත දිවයිනට පැමිාණෙන තෙක් වැඩබලන ආරක්ෂවක ඇමති ලෙස ආරක්ෂ්ක අමාතයගොස ප්ර මිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර ඇති බව රජයේ ප්රආවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලොවට බෞද්ධ කොඩිය හඳුන්වා දුන් කොළඹ කොටහේන දීපදුප්තමාරාම විහාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බෞද්ධ ධජය ඔසවමින් 2567 වන ජාතික වෙසක් සතිය 2023.05.02 දින ආරම්භ කරන අවස්ථාව අලංකාරවත් කරමින්,ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසීමද සිදු කෙරුණී.
Read More2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරීයා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.
Read Moreවරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් කොළඹ - නුවර මාර්ගය හරහා පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතාඊයේ (03දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read More