වැන්දඹුවකට දීමනා හා වැටුප්වලින් සියයට 50ක අයිතියක් හා විවාහ වීමට අවසර
ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.
එහිදී හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සිට සමාජ සුබසාධනය සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ ප්‍රධාන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් විය.
ඉන්දුමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

