saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3618 hours ago

LATEST

බොරුවට ඩුබායි රැකියා පෙන්නූ මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරු අත්අඩංගුවට

calendar_today 2023 ජුනි 18 - 13:07 remove_red_eye - 402  

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ වෙලඳ පොලේ මේ දිනවල මිරිස් කුඩු වලට පිටි, ලුණු හා වර්ණක එක්කර විකිණීම සිදු කරන අවස්ථා දක්නට ලැබේ. මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කූට ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක් ගොනුකර ඇති අතර මේ වන විටත් සැලකිය යුතු සංඛ්‍යාවක් වරද කරුවන් බව අධිකරණය විසින් තීන්දු ලබාදී තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඩී .රෝෂන් කුමාර මහතා පවසයි.

Read More

රටට සතුරු විනාශකාරී ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් තම පක්ෂයට නැති බවයි.

Read More

තංගල්ල ප්‍රදේශයේ බැඳිගංතොට ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස පහසුකම් නැංවීමේ වැඩ පිළිවෙළ ඊයේ (17) ආරම්භ විය.

Read More

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Read More

මිනුවන්ගොඩ පොලිස් වසමේ බැස්ටියන් මාවත ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

Read More

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17දා) උදෑසන පාපැදියද සමග හදිසියේ ඇදවැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ. ඒ අනුව ජනපතිවරයා නැවත ලංකාවට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට නියමිතය.

Read More

2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවර එළිය තුරග තරග පිටිය සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන සුගතදාස අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.

Read More

බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී අද (17) තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

Read More

සීනිගම සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාජ් තරංග මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර ඔහුගේ දේහය පිිිිළිබඳ පශ්චාත් මරණ පරීකෂණය ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක් අත්හිහිටුවා ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධායෙකු පැවසීය.

Read More

විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු සනාථ කළේය .

Read More

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

Read More

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊ යේ (15දා) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.

Read More

ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි මගී ප්‍රවාහන පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම අද දින (2023 ජුනි 16) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්ව

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකු විශ්ව විද්‍යාලය තුළ දී අද (16) පෙරවරුවේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .

Read More

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

ගම්පහ පූගොඩ ප්‍රධාන මාර්ගයේ ගිරිදර මාලින්ද ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ සිදු වූ බස් රථ සිදුවූ බස්රථ ලොරි රථ ගැටුමකින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි දොම්පේ පොලිසියේ කියයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කුලී පදනම මත මහරගම කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ ශිෂ්‍යයෙකු සැකකටයුතු ලෙස එල්ලී මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.

Read More

කටාන පොලිස් ස්ථානයේ රාජකාරියට යොදවා සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙක් සේවයෙන් පකිරිමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.

Read More

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.

Read More

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි වසර 05ක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3800ක් ලබා දීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.