saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3605 hours ago

LATEST

කොරියා රැකියාවලට යන අය ශ්‍රී ලන්කන් වෙතින් ගලවා කොරියා ගුවන් සේවය හරහා යවන්න අවධානය

calendar_today 2023 ජුනි 21 - 12:57 remove_red_eye - 630  

කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටුලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාදී තිබේ.

බැතිමතුන් විසින් රුවන්වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කළ සිවුරු අටපිරිකර ඇතුළු ලක්ෂ දෙකකට වැඩි පිරිකර සොරකම්කළ පුද්ගලයකු ඊයේ ( 20 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව වරයාට වෙඩි තබා තුවාල සිදු කිරීම හා ත්‍රි පුද්ගල ඝාතනයක ට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවක් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන් ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් මෙන්ම මළකඩ කෑ බැරල්වල බහාලූ පොල්තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය පරිහරණයෙන් විෂවීම්, අසාත්මිකතා ඇතුළු විවිධ සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බවත් අදාළ නිලධාරීහු පවසති.

Read More

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ අද (21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

Read More

ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිළධාරීන් විසින් 2023.06.20 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශය ද අල්ලස් ගැනීමේ වරදක් සිදු කළහොත් දූෂණ මර්දන පනත් කෙටුම්පත යටතේ දඩුවම්ලබා දිය හැකි බව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

කටාර් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක සහ කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ අතර ගුවන් ගමන් දිනකට වාර 05 දක්වා වැඩි කර තිබේ.

Read More

වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට බලය ලබාදී ඇතත් ජනාධිපතිවරු එම බලය පාවිච්චි කිරීමේදී අසමානතා මතුවිය හැකි හෙයින් එම අසමානතා මගහැරීම සදහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (20) ඉල්ලා සිටියේය.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමෙරිකාවේ Helpline Lanka හරහා අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි. මෙරට ඇමරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය.

Read More

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම අද දිනයේදී කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිවූ අතර කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

Read More

2023 ජනවාරි මස 01 දා සිට 2023 ජූනි මස 20 දින දක්වා ශ්‍රි ලාංකිකයින් 3354 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

Read More

මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.

Read More

ඩෙංගු මදුරු මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටී.

Read More

නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිතය.

Read More

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දි ශල්‍යකර්මයකට මුහුණ දුන් වයස අවුරුදු දෙක හමාරක දරුවකුට ලබාදුන් නිර්වින්දන එන්නත විෂ වී එම දරුවා මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

Read More

මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

වතුගෙදර පැටිවත්ත ප්‍රදේශයේදී අද (20දා) අලුයම් කාලයේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ බැඩ්මින්ටන් භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කිරීම සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටියි.

Read More

පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

Read More

මුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතුවී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින අවධාරණය කළේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මෙම වසරේ ඊයේ (19දා) දිනය තෙක් මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වාහන ආනයන සීමා ලිහිල් කිරීමක් මේ වසරේදී සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

මාර්ග අනතුරු ඇතුළුව ශ්‍රී ලංකාවේ අනතුරු නිසා ආබාධිත,පූර්ණ ආබාධිත තත්වයන්ට මෙන්ම මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහල ය. මෙසේ සිදුවන අනතුරු සංඛ්‍යාවත්, එම අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය නව වැඩපිලිවෙලක් ආරම්භ කල බව එම ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

Read More

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා ඊයේ (19දා) රෝහලේ වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.