2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වැනිදා
Read Moreගොවියාගේ වී කිලෝවක් රුපියල් 90 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (13දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.
Read Moreචීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2023.07. 13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read Moreඋදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය 21 හැවිරිදි තරුණියට කිසිදු ආකාරයක අධිමාත්‍රා ඖෂධ ලබා දීමක් හෝ වැරදි ඖෂධ ලබා දීමක්සිදුව නොමැති බවපේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් දැක්වූයේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
Read Moreආනයනික කිරිපිටි සඳහා අයකරන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 කින් ලෙස ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreඅමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයට යෙදවීම බවයි.
Read Moreඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ සිටින ආනයනික එළුවන් 100 අතුරින් නිරෝධායනය කළ කාලසීමාව තුළ 11 ක් ඇතුළුව එළුවන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා) අනාවරණය විය.
Read Moreකල්පිටිය කළපුව ඔස්සේ ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ රත්තරන් කිලෝ අටයි ග්‍රෑම් හාරසිය පනහක් ,කල්පිටිය වන්නිමුන්දලම කළපුවේදී කල්පිටිය නාවුක හමුදාව විසින් 13 දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුගමනය කිරීම මගින් මෙරට උද්ධමනය ලබන මසදී 08%ක් දක්වා පහත බසිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 65% ඉක්මවූ මෙරට උද්ධමනය මේ වන විට 14%ක පමණ ප්‍රතිශතයක් දක්වා පහත හෙළීමට හැකිවුණේ රජයේ නිවැරදි ආර්ථීක කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් යැයි ද ඒ මහතා කීවේය.
Read Moreමිල කළ නොහැකි වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 06 දෙනකු , මොනිටේරෝ වර්ගයේ රථයක් හා යතුරු පැදි දෙකක් සමග අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පෙම්වතුන් තිදෙනෙකු සමඟ මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පිහිටි සූකිරිඇල්ල නැරඹීමට ඉකුත් (12) වෙනිදා ගිය පෙම්වතියන් තිදෙනාගෙන් පෙම්වතියන් දෙදෙනෙකුට බරපතල ලිංගික අතවරකර අනෙක් පෙම්වතියට අතවර සිදුකර ඇති බවට මොනරාගල පොලීසියට පැමිණිල්ලක්කර ඇත.
Read Moreඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 10ක වන්දි මුදලින් රු. කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඇත. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 05ක වන්දි මුදලින් රු. ලක්‍ෂ 10ක මුදලක් ගෙවා තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගෙවීමට නියම කළ රු.කෝටි 7 1/2ක වන්දි මුදලින් රු. 17,25,588 මුදලක් ගෙවා ඇත.රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ රු. කෝටි 7 1/
Read Moreකටුබැද්ද ලංගම ඩිපෝවෙන් බස් රථ වලට ඩීසල් ඉන්ධන කිරීමේදී සිදු වී ඇතැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කණ්ඩායමක් මඟින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreමෙරට තුළ මේ වනවිට සරම්ප රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, මිත්‍යා විශ්වාස පළ කරන ඇතැමි ආගමික කණ්ඩායම් විසින් දරුවන්ට සරම්ප එන්නත ලබා දීම වළක්වාලීම ඊට හේතුවී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
Read Moreගලෙන්බිඳුණුවැව පුද්ගලික මූල්‍ය ආයතනයක් මගින් ප්‍රදේශයේ ජනතාවගේ මුදල් වංචා කළ බවට පවසමින්එහි ගනුදෙනුකරුවෝ ඊයේ (11දා) ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 229කට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.
Read Moreමෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් තිබුණද, එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවද, ඒ මහතා පෙන්වා දුන්නේය.
Read Moreඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreපිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දෙනු ලැබීය.මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යංශයේදී අද නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
Read Moreස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
Read More“අස්වැසුම” අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සළකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.
Read Moreගාස්තු ගෙවීමකින් යුතුව හා තොරව ත්‍රි රෝද රථ අලංකරනය කර ගැනීමට අවශ්‍ය අමතර උපාංග සවි කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර දී තිබේ. මහජනතාවගෙන් ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ’’ පඩු කරද ’’ (CRUDIA ZEYLANICA) ශාඛයක් , ගම්පහ උද්භිද උද්‍යානයේ ඉතා විශාල අයුරින් වැඩී ඇති ආකාරයක් දක්නට ඇති අතර මෙවන් ශාඛ පහක් පමණ ගම්පහ අවට පවතින බව උද්භිද උද්‍යාන නිලධාරිණියක් සදහන් කළාය.
Read Moreමාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.
Read Moreඅනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියකගේ සැමියාට පහර දී ත්‍රීරෝද රථයකින් ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (11දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreතුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමි එම පන්සලට යන මාර්ගයක වැටී අපවත්ව සිටියදී අද (12දා) අළුයම සොයාගත් බව හතරලියද්ද පොලිසිය කියයි .
Read Moreපාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හොරොව්පොතාන ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය අලවිය හා එම ප්‍රදේශයට වෙනත් ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය රැගෙන ආ මහා මොලකරුගේ බිරිද සහ තවත් සැකකරුවෙකු අයිස් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 16 ක් සහ ගංජා සමග අත් අඩංගුවට ගත් බව හොරෝවිපොතාන පොලිසිය කියයි.
Read More2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read More