saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3494 hours ago

LATEST

බීමතින් නාන්න ගිය තරුණයා අතුරුදන්

calendar_today 2023 ජුලි 17 - 08:53 remove_red_eye - 296  

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.

Read More

මේ වනවිට රට තුළ භාවිත කරන නිසි පරිදි තත්ත්වය පරීක්‍ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ සියල්ලම කඩිනමින් භාවිතයෙන්ඉවත් කළ යුතු බවවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිළිබඳවෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

විදේශ ගමන් බලපත්‍රඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනෙකු අයදුම්කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හොරණ මූලික රෝහලේ තිබූ එකම සි ටි ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීය වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් ඒවට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි කියලා මම කියනවා. අපි දැන් ගේමට බැහැලා ඉවරයි..

Read More

බදුල්ලේ අරාබි විදුහලක ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමක් පිළිබද පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එහි විදුහල්පති රිස්වාන් මවුලවිතුමා පැවසුවේ මේ ගව ඝතන පිළිබදව තමන්ගේ හෝ විදුහලේ පාලන අධිකාරිය කිසිවක් නොදන්නා බවයි.

Read More

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂඅනුනවදහස් දහයක මුදලක් (13299010) වැයවන බවට ඇස්තමේන්තු කර ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා එම මුදල විදුලිබල මණ්ඩලයට ගෙවන ලෙසදැනුම් දී තිබේ .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

Read More

පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නවීකරණය කිරීමෙන් අනතුරුව මගී ජනතාව සදහා උතුරු මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීමට පැය කිහිපයකට මත්තෙන්, ඊයේ (15දා) සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් ’’යාල් රාණි’’ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උදරයේ ආබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද තරුණියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු ඇය මිය යාමේ සිද්ධියෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ලබාදී තිබෙන එම කාණ්ඩයේ ඖෂධ තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි .

Read More

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවීන්ට අතරමැදි කන්නයක් හෙවත් තුන්වැනි කන්න‍යට යෑම සඳහා අවශ්‍ය ජලය ඇතුළු සම්පත් තිබෙන බවත්, මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අතිරේක බෝග වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

දැඩි මුරකාවල් සහිතව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරියේ අරාබි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතතකාගාරය ක් අද (16දා) අළුයම් කාලයේ වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදි භාවිත කළ ලෝහමය කාල තුවක්කුවකට වසර 205කට පසු නැවත වෙඩි බෙහෙත් පුරවා වෙඩි පත්තුකර එය මහජන ප්‍රදර්ශනය සදහා ස්මාරකයක තැම්පත් කිරීමට පසුගියදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

ලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව2021 වසරේදී තහනමට ලක්කළ ඉස්ලාමීය සංවිධාන 11න් 05ක තහනම තාවකාලිකව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

Read More

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.

Read More

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් 07/14 දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රැජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් අනතුරුව තරුණියක් මිය යාම පිළිබඳව විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ මෙම කමිටුව හෙට (15දා) සිට එම රෝහල වෙත ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මොනරාගල ඩිපෝවෙන් මාසික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් හයලක්ෂ හතළිස්හයදහස් අටසිය අනූදෙකක මුදල් වංචාවක් සිදුවී ඇති බවට ඩිපෝ කළමණාකාරවරයා විසින් මොනරාගල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර තිබේ.

Read More

බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කැනූලා එකක් ආසාධනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙක් අද (13) මියගොස් ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු නොකරන බවට පොහොට්ටු ’බයියන්ට’ සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.